ලියනා කවියට - ගයනා ගීයට
ලොල් වී මා - පසු පස ආවට
කතා කල සැන - කිමැයි දැන ගත් කල
ගිය ලෙසට ආපසු - නොඑන බව දැනුනම
සිතුනා දුක මහා - මෙරක් තරමට
උපතින්ම වූ කරුමෙට - මමත් අකමැති වුවට
මක්කරන්නද සොඳුරිය - නුඹට පෙම් කෙරුවට
විකල වුයේ මුව ම පමණක් බැව්
කෙසේ නම් තේරුම් කරන්නද?
2 ක් අදහස් දක්වලා.:
ලියනා කවියට - ගයනා ගීයට
තෙත් වන නෙත් කෙතරම් තිබුනත්...
නෙත් ඉදිරිපිට යථාර්ථය වෙනුවෙන්
අතක් ඔසවන්නට - හදවතක් දන් දෙන්නට,
දිරියක් හැම සිතකටම නැති බව
කෙසේ නම් තේරුම් කරන්නද..?
සමා වුව මැන සහෘදය
ගල් වූ සිත් ඇත්තෙමි
වියලුණු නෙත් ඇත්තෙමි
ගයනා ගීයෙන්ද
ලියනා කවියෙන්ද
සියලු මුදු මෙළෙක් තෙත මුදා හැරියෙමි
සමා වුව මැන සහෘදය
පෙම් කල මැන, මට නොව
මගේ ගීයට
මගේ කවියට
Post a Comment