හෙමින් සීරුවේ ඔන්න ඔතැනින්
ඇවිද යනු මැන පෙම්වත
ඔබේ පා සටහනක් මළුවේ
නැතිව පාලුයි හිතවත
මිහිරි සුවඳක සොඳුරු මතකෙක
කැටිව ගත් පෙර සවසක
තෙමි නොතෙමි ගියා මතකයි
අනන්තෙට දුර ඈතක
කාලයේ වැලිතලා මැද්දෙන්
පැතුවමුත් අප ඇවිද යන්නට
කිසිත් නැති කල මතකයත්
පරම සැපතකි පෙම්වත
හෙමින් සීරුවේ ඔන්න ඔතැනින්
තබා යනු මැන මතකය
ඔබේ සටහන් වලින් හදවත
පුරවාගත් ඒ කාලෙට
නොදන්නවා නුඹ වුනත් හිතවත
හරි පෙමි මා ඕසේට
පසුකතාව : හිතවත්ම මිතුරියගේ පෙම්වතා මියගොස් අදට වසර දෙකකි. මේ අකුරු ඒ ගැන ය. මෙය කිසිදා නොදකිනු ඇත, එහෙත් ඒ වදන් සහ දෙවසරකට පෙර මියැදුණු ඈ ප්‍රථම ප්‍රේමය ඈ සිත තුල තවමත් රාජිත ය.
චිත්‍රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්‍රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්‍රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ චිත්‍රපටයක්
බලල...
1 month ago
4 ක් අදහස් දක්වලා.:
බොහොම සෝකජනක සිද්ධියක් නිවන් සුව අත්වේවා..
///තෙමි නොතෙමි ගියා මතකයි
අනන්තෙට දුර ඈතක///////
සුසුම් සහ සුසුම්ම පමණයි...
රහයි
හිතවත්ම මිතුරියගේ පෙම්වතා - very dangerous if one applies binary logic!
Post a Comment