කොතරම් පින් කලත් ජයතිස්ස
මම දුටුවේ නැහැ අයියේ නුඹ නම
පන්සලේ ඝංඨාරේ වැදුනෙත්
මස්කඩේ මුදලාලි තාලෙට
ගඩොලින් ගඩොල තබා නෙක පෙළ
කරවා ළඹ සැනින් ගෙන මැණුම් යස
බැන්දත් නුඹ අතින් ඝංඨා කුළුණ
පිබිදුනේ මස් කඩ මුදලාලිගේ නම
මේක මහා පිංකමක් සෝමේ
සල්ලි නොව පින් ටිකයි ඕනේ
එහෙම කියලා බැන්ද කුළුණේ
නුඹේ නම කොතැනකද තිබුනේ
පිනට කුලියට කුළුණ බැන්දට
විවෘතේත් පහු වෙලා සති දෙක
ගිහිං මස් කඩ ගාව හිටියට
මුදලාලි නුඹහට කුළිය දුන්නද?
ශිෂ්ටාචාරයක පළමු සලකුණ
-
මානව විද්‍යාඥ මාග්‍රට් මීඩ් මහත්මිය
වසර කිහිපයකට පෙර මානව විද්‍යාඥ මාග්‍රට් මීඩ්ගෙන් ශිෂ්‍යාවක් විසින්
සංස්කෘතියක තුලදී *"ශිෂ්ටාචාරයක පළමු ලකුණ ලෙස සලකන්න...
1 day ago