මුල් දින මම ඔබ දුටු විට
"ඇයි රත්තරං ඔච්චර ගණං" අහන්නට සිතිණි
සල් ගහ යට අප හමුවී නිහඬව සිටින විට
"සබඳ අපි කඳු වෙමුද" අහන්නට සිතිණි
ඔබ මට මනාප බව කීවිට
"කැන්දන් යන්නම් රන් මල්මාල දාලා" කියන්නට සිතිණි
නමුත්,
නුඹ මගෙන් වෙන් විය
මට දුකක් නැත
ඇත්තෙ,
ප්‍රහර්ශයකි.
ඒ මට ඔබ පිළිබඳ මතකය වටනා නිසාය,
දැන් මට,
නොගැලපෙන දෙදෙනෙකු සිටිනු දුටුවිට,
" ඇපල් කන්නෙ කුණු පනුවො මල්ලි" කියන්න ට සිතෙයි.
එනමුදු,
අප දෙදෙනා මතක් වන විට
"කොහොමද මාල ගිරව් පැණි අඹ කනකොට" අහන්න ට සිතෙයි....
4 ක් අදහස් දක්වලා.:
අදහස් ගොන්නෙන් මතුවූ තවත් සුන්දර අදහසක් වගෙයි......
ස්තුතියි
ලස්සනයි......
මචෝ දැන් "අද තනියෙන් මා" කියන එකයි හොඳ!
Post a Comment