තුරු ගතින් පෙම්බර හදින්
අතැඟිළි ගනිම් ඔබ ගැන සිතින්
මිතු දමින් එය කෙළවරින්
ඇති වියෝගය බව නොදකිමින්
සැලෙනැඟිළි තුඩු නෙතින් දකිමින්
ඔබට තෙපලන අදිටනින්
හාත්පස නෙත් යොමා බැලුවා
නොමැත මා ළඟ දුර ගිහින්
ඈත ක්ෂිතිජෙට නෙත යොමන කල
ඔබයි මගෙ පුන් සඳ උනේ
ඔබෙ ලොව තුල වරම් නැති කර
අප වෙන් උනේ ඇයි ප්‍රේමියේ
විඳිමි මා ලොව හුදකලා බව
සදහට ම සැප නැති ලෙසේ
හංසියේ ඔබ තමයි මුළු ලොව
නැති උනත් ජීවන කෙතේ
සදා සුපහන් පහන් සිලකින්
ඔබට පිංපෙත් පුදන්නම්
ඔබ තනන්නට වෙහෙස වැයකල
සොඳුරු ලොව ගොඩ නඟන්නම්
ගීත කෝකිල භාව රස පෙළ
රූ රසේ අඳිනා ලෙසේ
නැති උනත් ඔබ මගේ ලෝකෙට
ඔබයි මා ලොව රිවි ගිරේ
[මගේම වරදින්, මගේ අතින්, අත හැරී ගිය මගේ ම ආදර, ඇයට.....]
4 ක් අදහස් දක්වලා.:
මේ වගේම කතාවක් තමයි මටත් තියෙන්නේ.....
ඔබ හරි...මම ලිව්වෙ මම ගැනවගේම මා වටේ ඉන්න මා වැනිම අය ගැන හිතලා.
ස්තූතියි අදහසට....
ඇයි මම? :-O
;)
wow..!!!
Post a Comment