( අභි ) රුසිරු ලිය

මෘදංග වද්දන
හදංග රිද්දන
නෙතංග කැල්මෙන
රුවැත්තියේ. . .

වේදිකාව මත
නලවන ඉඟසුඟ
මද්දල තාලෙන්
රඟන්නියේ. . .

මිදි කෙසෙල් ද කා
මදුවිත තොල ගා
සවුදිය පුරමින්
බලන්න මේ

රංගන අවසන
පැද්දෙන ඉඟසුඟ
කුමරුන් යහනට
ප්‍රවිශ්ට වේ. . .

2 ක් අදහස් දක්වලා.:

gayandinusha

ලස්සනයි මචං....... keep posting

cHaRiThA

හරිම ලස්සනයි...

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්