රාහුව

blog

පන් විසි වසක්
ඩාදිය හෙලා
තනන ලද
අනාගතය
නොනගතයක් හා සරණ බැඳ
යනවිට
අතීතය ට
ජීවිතය ගෙනයාමට
අනාගතයක් ඉතිරි වේද?

අනාගතය නොනගතය හා
සරණ යන විට
ඒ දැක අතීතය
හඬන විට.., සිහි නැති වී
වැටෙන විට
අනාගතයට තමා
පෝෂණය කල අතීතය ගැන
නැත...,
නැගුනේ කඳුලක්

අතීතයේ වර්තමානය
අතීතය හා සිටින විට
අනාගතය අතගෙන සිටියේ
නොනගතයේ වර්තමානයයි

අතීතය, වර්තමානය අනාගතය
ගෙවීගිය අතර
නොනගතය පැමිණීමෙන්
අනාගතය නොනගතය හා විය
අතීතය තනිවිය....

2 ක් අදහස් දක්වලා.:

Narada

මේක නිකං ප්‍රේහේලිකාවක් වගේ නේද?

Anonymous

මම කරන වැඩේනම් මචන් අතිතය මරා අනාගතය මරන්න සැලසුම් කිරිම

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්