බලු පොරය තුල අපව කොයිබට...?

123


පුරවර සදිසි මහ මාළිගා හිස්
මුදුන් සිප ගත් රූප ඡායා
සිටුවලයි අප රවට ලන්න ට
කරවා අප හසු දැල ට මායා


මුසා බසකට නොවී රැවටිළි
නුවණ මෙහෙයා දෙවත් ඡන්දය
රට ට වැඩ ඇති නියම පුතෙකුන්
කරව් වැසියනි ලකෙහි නිරිඳුන්


නියම ලක් මව වැදූ පුතු ලෙස
රට ට පෙමැතිව සිතත් නම් තොප
නොකරවා පත් අමන නිරිඳෙකු
කරව් නිසි දේ නොවී අන්ලස


පෙරලෙස ම තැනුවොතින් අවීචිය
පෙරලෙස ම කෙරුවොතින් බිලිපුද
නවත්වන්නේ කෙලෙස අප සැම
බියෙන් සැඟවී සිටිනවා මිස


බිත්ති වැසිගත් උමතු හසරැල්
දෑත් එක්කර කරන නමැඳුම්
වේය අවසන් පසුව වරණෙන්
අප ය ඉන්පසු උන ගේ වහලුන්

4 ක් අදහස් දක්වලා.:

Anonymous

මම නම් දේශපාලනය ගැන කතාකරන්න එච්චර කැමති නෑ...
ඒත් මෙන්න මෙයාලගෙන්(මරා, ගොරා, බැරා, චරා, නාරා)රට බේරා ගත්තොතින් හොදයි කියලා මට හිතෙනවා... මුන් 5 නා, මේ කෙළිය දිගටම කරොත් අපිට රටක් ඉතුරු වෙන එකක් නෑ...

දුකා

elata liyala tiyenawa . . tawa tikak free mind meka study karanna ona hoda comment ekak danna nam !

malee_msg

අනේ මන්දා මට නම් සේරම එකයි.. !!

සචී

මමත් මලීට එකඟයි...!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්