[එළි] පෙහෙළිය.

අක්ෂර වනයේ අතරමංව - මඟක් සොයාන යන කල
දුටු එකම ගැලවුමයි - ඒ ඔබේ ජාතක පොත

හදට වදිනා අදහස් තුල - පන්හිඳෙන් විසිරෙන පදරළ
එකට එකවී තිතක් වේ - අවසන මාගේ කොලය උඩ

ලියන්නට ගත්තත් - සහස් දේ තිබුනත්
ගොණුවන්ට බෑ සත්තමයි - තරම් විසල්ය ඔබ වදනක්

සෙත්සිරි දෙන මහා ආදරයෙන් - සත් හට වන ඔබ කරුණාවෙන්
සොයමි මා තවමත් - සිත් ගණදුරු නොවූ ඔබ වදන්ක්

අරුමැසිය මා හදවත - ඔබ තුලට මා වන කල
කවීත්වය අමර වූ කල - මැරුම් කයි මා ගිලන් වූ ගත

( අභි ) රුසිරු ලිය

මෘදංග වද්දන
හදංග රිද්දන
නෙතංග කැල්මෙන
රුවැත්තියේ. . .

වේදිකාව මත
නලවන ඉඟසුඟ
මද්දල තාලෙන්
රඟන්නියේ. . .

මිදි කෙසෙල් ද කා
මදුවිත තොල ගා
සවුදිය පුරමින්
බලන්න මේ

රංගන අවසන
පැද්දෙන ඉඟසුඟ
කුමරුන් යහනට
ප්‍රවිශ්ට වේ. . .

න්‍යශ්ටික ලොව තුළ නශ්ඨ වූ පෙම

විදුහල් දෑත මත
ඇද වැටුණු ප්‍රේමය
මියෙන්නට ළඟයි
දෙදෙනෙකු ගේ ආදරය නොමැතිව

ලයිලා මජ්නූ සාලිය අශෝකමාලා
සාජහාන් මුම්ටාස් රෝමියෝ ජුලියට්
ලෙද පරපුරෙන් පරපුරට
පැවත ආ ප්‍රේමය
මියෙන්නට ළඟයි
කිසිවෙකු ගේ සරණක් නැතිව

පනනගියි කුකුසක්
පවුල් ජීවිතය න්‍යශ්ටික වූ කළ
ආලයක් කොයින්ද
උනුන්ගේ අවැසිකම් පිරිමහනු විණා

ලොකු දෙ ක්ෂය වී
සියලු දේ සාරාංශ කරණය වූ කළ
ආලයට පමණක්
ගැලවියහැකිද ඉන්

අනාගත ලොව
කොන්ක්‍රීට් වන මැද තනි වී
නන්නාදුණන ජීවිතය තුළ
මොළය පමණක් වෙනස් වෙමින්
පරිණාමය නැවතීම නිසා
තුත්තිරි ගසක් යටට වී
ඩාවින් ට පරිභව කරමු ද?

සිතැත්ති

සුමුදු ඇඟිළි තුඩු තෙපුලන
මිරිවැඩියෙන් තාල සලන
නිතර සිනා කිණි සොලවන - සිතැත්ති
විජිණිපතින් පවන් සලන ඔබයි මගේ රුවැත්තී

තරිඳු එලිය ඔබට ගුණයි
පෙම් ගීයට නම් කදිමයි
වළලු හඬ තාල සරට ගී - පබඳන්න
මේ ලොව ඇති වචන මදී මට බෑ ඔන්න

හද නුඹටම ඇරේ තියේ
සඳුන් සුවඳ දැවටී යේ
තත්පරයක් ඉනු බෑ මට ඒ නම් - ස ත්තයි
ඔබ නොමැතිව ලොවක් තනණු හැකි නෑ ඇත්තයි

මා ළඟ නැති ඇය හෙවත් “අහිමි දුක”

leave
තුරු ගතින් පෙම්බර හදින්
අතැඟිළි ගනිම් ඔබ ගැන සිතින්
මිතු දමින් එය කෙළවරින්
ඇති වියෝගය බව නොදකිමින්
සැලෙනැඟිළි තුඩු නෙතින් දකිමින්
ඔබට තෙපලන අදිටනින්
හාත්පස නෙත් යොමා බැලුවා
නොමැත මා ළඟ දුර ගිහින්

ඈත ක්ෂිතිජෙට නෙත යොමන කල
ඔබයි මගෙ පුන් සඳ උනේ
ඔබෙ ලොව තුල වරම් නැති කර
අප වෙන් උනේ ඇයි ප්‍රේමියේ

විඳිමි මා ලොව හුදකලා බව
සදහට ම සැප නැති ලෙසේ
හංසියේ ඔබ තමයි මුළු ලොව
නැති උනත් ජීවන කෙතේ

සදා සුපහන් පහන් සිලකින්
ඔබට පිංපෙත් පුදන්නම්
ඔබ තනන්නට වෙහෙස වැයකල
සොඳුරු ලොව ගොඩ නඟන්නම්

ගීත කෝකිල භාව රස පෙළ
රූ රසේ අඳිනා ලෙසේ
නැති උනත් ඔබ මගේ ලෝකෙට
ඔබයි මා ලොව රිවි ගිරේ

[මගේම වරදින්, මගේ අතින්, අත හැරී ගිය මගේ ම ආදර, ඇයට.....]

අධි නිශ්චය වූ සිහිනය..;

lovely-girl නින්ද නින්ද නින්ද.....
අවදි වන්න, අවදි වන්න...
නින්දෙන් නොව සිහිනයෙන්....
මායාවට හසු වී හද මුලා කරන
අවදි වන්න සිහිනයෙන්....

කුරුවල් වූ හදවතට සිහිල
පවන් රොදක් වන්නට
මනසට ආරෝපනය කර ගත්,
නින්ද, මහද ට ම පාරාවලල්ලක් වී එන සැටි....!

අවදි වන්න ලොව දකින්න
පියවි ඇසින් "නොව"
ආදරය නිසා බුන්වත් , අධි නිශ්චය වූ සිහින
දකින විලභීත මනසින්...;

ජිල් බෝල හොද්ද.

ආඬි හත් දෙනාගේ කැඳ හැලියෙන්
පොඩ්ඩක් ඉල්ලගෙන හදපු,
පැය 13140 ක් හැඳි ගාල ගාල
ලිපෙන් බාල
රහ බලන්න කොප්පෙට දාගත්ත ට පස්සේ
බලනකොට ඉතුරු උනේ
රත් උන කොප්පෙකුයි
පිච්චුන දිවකුයි විතරමයි...
Return top | ඉහත්තාවට නැවතත්