වීණාව, නුඹ හා තනිවූ මම

තනි වූ කල
වෙන වයන්නේ
ඒ මතකය ඉවත
ලන්නට ය.
ඉදින්
වීනාව තෑගි කලේ
නුඹ බැවින්
කෙසේ නම් සලාලන්නද
ස්වර හා බැඳුණු
මතකය
මම

කුරුලු සර වින්දේ
නුඹ කියූ අයුරිනි
පොත් රකින්නේ
නුඹ කියූ අයුරිනි
පිරිත් අසන්නේ
එදා නුඹ
ළඟසිටි අයුරිනි
ඉදින් මම තවමත්
ධම්ම චින්තාව
සරණ යමි

මතකය ගෙන අහසට
දස වසකට පෙර
ගියද
මහද කුහර
තුල
නුඹයි දිදුලන
පත්තිනි රුව
සැමදා
අත්තම්මේ

5 ක් අදහස් දක්වලා.:

Amila Chathuranga

අත්තම්මාට හොඳ කල දවසක්...වේවා...

malee_msg

ඉන්න තැනක අත්තම්මා හොදින් ඇති බං..ඊට වඩා මං ආසයි ඈ නිවන් දැකලා නම්...!

රවා

ජිවිතෙක වැදගත්ම තැනක් නෙද ලිශ් අයියා. ඇත්තට්ම මටත් මගෙ අම්මා වුණෙ මාව උපද්දපු අම්මා නෙමෙ. අත්තම්මා. අද මම අම්මෙ කියලා කතා කරද්දි දෙන්නෙක් ' ඇයි පුතෙ ' කියලා අහන්න ගෙදර ඉන්නවා. මම වාසනාවන්තයි. මගෙ මෙ හැම සතුටකටම, වෙදනාවකම උල්පත මවගෙන් ලැබුනු රුධිරයයි, අත්අම්මාගෙන් හම්බුනු ආත්මයයි තමයි.

LishWish

Indi► ඔව් මචන් මමත් පතන්නේ ඇයට හොඳ කලදවසක් යන්න තමා..! :)

Malee► මම කවදාකවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ.., අත්තම්මා මේ ලෝකේ ආයි ඉපදෙන්න කියලා..! ඒතරමට මේ ලෝකේ හරි කුරිරුයි මචන්..! මම හිතන්නේ නැහැ ඒ කුරිරු බව ආපහු දරාගන්න ඇයට පුලුවන් වෙයි කියලා..!

රවා► අද මොන තත්ත්වෙක හිටියත් රවා අපි මීට අවුරුදු ගාණකට කලියෙන් අත්තම්මලාගේ තුරුලේ හිටි අය.., ඒ උණුසුම තවමත් මට දැනෙනවා..! මම අම්මා ගාව ඉන්නකොටත්.

මුචා► :)

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්