[වි]සංවාද…,

coffee love

නිබඳ සිත සනසා කියාලන
ආදරේ පොඩි පැතිකඩක් ගැන
කෝපි උගුරක වී තුරුලුව
වරු ගෙවෙනතුරු කතා කරමුද

කතා කරනා ඇඟිළි තුඩු ගැන
එයින් ගලනා කවි පෙළක රස
විඳින්නට හිතෙනා සවසක
වරු ගෙවෙනතුරු කතා කරමුද

නිහඬ රස පිරි සෙන් කතා ගැන
ජන කතාවක චරිතයක් ලෙස
සිත් තැවුල් පන්හිඳට බර කර
වරු ගෙවෙනතුරු කතා කරමුද

වයින් උගුරක සුමුසු පෙම් රස
ආලයට සමබර කරනවද
මගේ නුඹගේ එදා ලොව ගැන
වරු ගෙවෙනතුරු කතාකරමුද

10 ක් අදහස් දක්වලා.:

Anonymous

කතා කරලා කුමන පල වෙද
ගෙවී ගිය ලස්සන දවස් ගැන
වෙන් වුනා නම් දුක් වෙලා නෙත
යන්න දෙනු මගෙ දරු බලන් ඇත.

හිස් අහස

දන් ඉස්සර වගේ ආදරේ කරන්න බෑ
පොලිස් මාමලාගෙන් කරදර බාදා වැඩියි

පාක් එකේ හිටියත් , හෝල්ට් එකේ හිටියත් , ගහක් යට හිටියත් . පොලීසියෙන් දැක්කොත් කේස් ගොඩයි

ජයවේවා!!

SRIshanu

යළිත් පෙරළෙන අළුත් පිටුවක
නව කතාවක් ලියා යන්නට
ඉඳින්නෙමු මග බලා රස වත
වරු ගෙවෙනතුරු කතා කරනට

ජීවිතේ මල්

වරු එකින් එක
ගෙවී යනකොට
කාලයේ එක්
වෑලි තලාවෙක
කුහුඹු කවි ලිව්
එක් අතීතෙක
හෙටක් නෑති වුන
මතක මතු වෙත....

poppy

Felt even lonley after reading this....miss old chit chats!

Unknown

මැක්සා මචන් ! [මචො උඹ මගේ බ්ලොග් එකේ දාපු කමන්ට් එක ස්පැම් වෙලා තිබ්බ :( දැන් පොඩ්ඩකට කලින් දැක්කේ]

Anonymous

කෝ ලිෂාන් මල්ලි කවි .... කවි ඕනි ...

Anonymous

අදයි මං, මේ පැත්තේ ආවේ...
මොකද්දෝ මේ අමුතු දේ..
අදින් පසු හැම දිනම පාහේ...
ඒවි මම මේ කවි දිගේ...

Jay

අතීතයට ආපහු ගෙනිච්ච පද පෙලක්, ලිශ්..!!
අපූරුයි..

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්