එක ම පෙම රහමෙර ම

drunker

ජීවිතය අඳුරේලු
කෝ මගේ රුපියලය
මට එපා මට එපා
විසිකරමි ගේ මුලට

ඇහිඳගෙන හැකි අයම
පුදා ඒ රා පොලට
ගෙනදියවු මට පදම
පිරි එ රා බෝතලය

අතීතයෙ එක කලෙක
අද වැනි ම වැහි දිනෙක
මා නිදන යහන මත
සිටියා ඈ මා සමඟ

රට්ටු වේසී කියත්
ඇසුවේ නෑ එක බසක්
පෙම පුදා මා ඇයට
ගතවි වරු දෙක තුනක්

එන විටදී පැල්පතට
ඇසුනා කෙඳිරිළි හඬක්
ඈ යහනේ උඩුබැලිව
සමඟ තඩි කලු එකෙක්

එදාසිට ඇය නොමැති
සයනේ වැතිරියේ මෙමා
පෙම් කලේ රහමෙර ට
නොමැති ගියේ මා දමා

10 ක් අදහස් දක්වලා.:

Anonymous

මේක හරියට ආත්මානුකම්පාව ඉල්ලනවා වගේ කවියක් නේ...

ධනුෂ්කා නිෂාදි කුලරත්න.

අපොයි!
නිස්කාරනේ අසරණ බලු තඩියව සැක කලා නේද?

ආගන්තුකයා | Stranger

පමණ ඉක්මවා යෑම.. ආදරය වෙන්නත් පුළුවන්.. නොවෙන්නත් පුළුවන්.. ඒත් වේසි කියන එක දැන දැනත් ඇයි කියන එක තමා තේරෙන්නේ නැත්තේ.. මානව ලක්ෂණයක්..

Rachintha Jayawardhana

මේක කියෙව්වම හිතුනේ දෙවිදියක අදහස්! එකක් කන්ෆර්ම් උන ගමන් ලියන්නම්!

වන්නි

රහමෙර රස දැනිලා නැතත් මං දන්නවා ඌ ලේසියෙන් සෙට්විච්ච එකෙක්ව දාලා යන්නෑ කියලා. එතනදී ඌ අර කිව්ව කෙනාට වඩා උසස්...

Anonymous

දැන් ඔය වගේ දේවල් මේ ලංකාව ඇතුලේ සාමාන්‍ය දේවල් වේගෙනයි එන්නේ සහෝ... අපි ගැනම දුක හිතෙන්න ඕනේ මේවට.

දුකා

කිව්වත් වගේ දැනගෙන කනට ඇහිලත් ඒවා අමතක කරලා ආදරේ කරලත් ඇහට දැක්ක ගමන් ආදරේ නැති වුනේ කොහොමෙයි . .

රංග - මගේ ලෝකය

මචං, මේකට පට්ට කියල කියනව ඇරෙන්න වෙන මොකුත්ම කියන්න හිතෙන්නෙ නෑ. උඹ මට කිවුවට උඹත් මේ කෙලල තියෙන්නෙ පොල්ලකින් ඔලුවටම.

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්