වෙණ(න) නද

ඈ මතකයෙන් උන්මන්තක ව
හිත මිහිරි වෙන කල
ගලයි මී වෙන නද
ගලත් මී වෙණ නද

වියෝගය පැමිණි කරුමෙට
දුකට හද සුසර වූ කල
එකලට මිහිරි වෙන නද
එකලට මිහිරි වෙණ නද

වෙන බසක රැසකට
වෙණ නදට වෙර බැන්දට
අතීත වෙණ නද රම්‍යය
අතීත වෙන නද අපුලය

3 ක් අදහස් දක්වලා.:

පූසා

5 පාරක් විතර කියවලා තේරුම් ගත්තා....
ෆට්ටයි බං

Rachintha Jayawardhana

නියමයි යකෝ. උපරිමයි!

කොහොමත් පහුවට අපුල වෙනවා තමයි!

එක්ස්පයර්ඩ්=කල්පනී [නපුරු මණ්තරකාර හිනා]

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්