![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg23lPHm0IBSXAox0KVF2DNOMaYKwiTD91rEmADcHN8o3BAm4Y8QgB3qzSOabmQ3wHzwXsTndE0d8MhWXjW2olf5eYPCnvCCpCRELiFs3DHZOrQ78rv7xgzuL3TqcsOnNQC-I3j2GT8A5c/s320/tumblr_lk5v1vQ21J1qc9jvmo1_400.png)
කියල දෙන්නම් කියා කරනට
එදා සයනයේ කියලා දුන්නේ
රතිය මිසක වෙන කිමද හිමිසඳ
පිරිමැද අතින් පොපියූ දෙතොල්
පෙමින් සිප ලැම ආදරෙන්
ඇසූ කල කිමැ පෙම යනු
නැඟිට ගියේ කිම සයනයෙන් නුඹ
ඕනේ නැති විට යැවුමත්
යළිත් එන විට ඉඳුමත්
නුඹේ දාසිය මමද හිමිසඳ
රැවටි සිටියේ නුඹේ මිල දැක
රක්ත පොල්කා තිත් පිරි සයනේ
සැමදා නුඹ හා වැතිර හිඳිමිනේ
වදන් සමඟින් පොර බදා මම
නුඹේ මතකය මතින් නැඟිටිමි
1 ක් අදහස් දක්වලා.:
ආවේගාත්මකයි!!! ජය..
Post a Comment