කිසිම කිසි හැඩයක් නැති කවියක්..!

h2 copy

 

අනික් උන්
කැටයම් කරලා
ඔප දමද්දී වචන..,
මම
ඒ කැටයම් අස්සෙන්
හැලුණු
කවි කුඩු එකතු කරලා
ලිව්වා කවියක්
කිසිම කිසි
හැඩයක් නැති
කවියක්..!

 

පෑගිලා
මියෑදෙන්නට ළඟ
මිනිස්සු වෙනුවෙන්
කුවේර
කැටයම් ජීවිත
අස්සෙන් හැලිච්චි
අදහස් එක්කහු කරලා
ඒ වචන වලින්
ජීවය පිඹලා
ආපහු නැඟිට්ටවන්නට
මම..,
ලිව්වා කවියක්
කිසිම කිසි
හැඩයක් නැති
කවියක්..!

 

අංකුර පෙමට
කාමර
දෙන්න පොරකන
එහෙත්
ඒ පෙම
පෙම්මුල්ල අගයන
ගත සැපට වඩා
නිරාමිස සුව අගයන

අංකුර පෙම් හදවතට
මම
ලිව්වා කවියක්
කිසිම කිසි
හැඩයක් නැති
කවියක්..!

 

ජාතිය රන් විමණක් ව
නොදකින
දේශප්‍රේමයෙන් "ලූණු" ගඳ ගහන..,
අවාසනාවට
පර රටින් ආ තමන්ගේ
ගූ ගඳ නොදැනෙන
නිර්වින්දිතයින්ට
කෙළ වෙන්න
මම
ලිව්වා කවියක්
කිසිම කිසි
හැඩයක් නැති
කවියක්..!

16 ක් අදහස් දක්වලා.:

Unknown

මරු...........හැඩයක් දැණින

Nelum

කවියකට වඩා කතාවක් උනත්, අදහස් ටික වටිනවා!

දුකා

හැඩයක් නැති උනාට රසේ උපරිමයි . . . .!!

Sammani

හැඩයක් නැතත් හැඩය
කැටයම් නැතත් යසය
ඔපයක් නැතත් කවිය
පුබුදුවයි කවිපතක අසිරිය. ...


ලස්සනයි ... මං අදයි ආවෙ මේ බ්ලොග් එකට...

Unknown

රසේ උපරිමයි . . . .!!

මස්තබාල්දුවා

කිරි ගන්නට කිසි පිරියක් නොමැති තනේ
වැලි කන්දට බත් දැම්මා වුවද පනේ
ළුනු ගඳට හොයාගන්න සිරිලකුනේ
රීපු පුකට ජල භීතිය හැදුනානේ

තෙලට හොඳක් නැත.. මිරිසට අව පැහැය
තොලට තොලක් නැත.. වේසිය රතු පැහැය
තැම්බූ කලට කුකුලෙකු තෝරනු බෑය
නොබැඳි වරත්තුව තිස්පහ මදිවාය

සමගි පවුල් කඩනා පර හැතිරි කුලේ
ඉලෙක්ට්‍රොණිකයට නම් නැහැ කොඳු කැඩුනේ
නත්තක් බේබි පැමිනිල ඇත කලින් දිනේ
දක්නට කලින් හැංගියව් මගේ සගයිනේ

Pasan

අකුරු සුට්ටං..හදපංකෝ.. උඹ සෝයි නේ.......

Kavindya

හැඩ නැතුවට වැඩේ අගෙයි!!

කිව්වත් වගේ. අකුරු ලොකු කරමුද?

කඳු

හරි ම හැඩයක් ඇති කවියක්...!!!

hare :-)

කවියට හැඩයක් ඕනෑය
එය නිතැත් මට සිළුටුය
කියනා උන්ට දැණෙන්ඩ
ලියපං තව වරක්
කිසිම කිසි
හැඩයක් නැති
කවියක්..!


මේ මම ලියපු
මෙලෝ හැඩයක් නැති
කවි කුඩක්...

...ඒ අස්සේ
කඳු ගල් හෙල් අතර
අනන්ත හැඩ මවා
ගලා යන ගංගාව ගැන...

නොගිණෙන නා නා විසිතුරෙන්
දෑස් අයස්කාන්ත කරවන
වලා පෙල ගැටෙන සිඳු තරඟ ගැන...

සෙකන්ඩ් මොහොතක සිනාසී
මිලි සෙකන්ඩුවෙන් පුෂ්පාග්නිතව
නැවත ප්‍රේමීව උරේ හිස තබන ඇය ගැන...

මතවාද අස්සට ඔබන්නට වෙර දරා
එක ලෙස තබන්නට වෙහෙසුනද
එක ලෙස නොම ගලන
අනන්ත ක්ෂුද්‍ර කම්පනැති ජීවිත ගැන...

ලියන්නට වෙන කවියට විතරක්
මොකටද එක විධියක හැඩයක්?

Dinesh

හැඩයක් නෑ කිවුවත් රසය නම් උපරිමයි...

පූසා

වදන් ඔප දමා
අනිත් උන්
විසික් කළ ඒ
කවි කුඩින්
උඹ තැනුව මේ
කවි වදන්,
ඔප දමා
හැඩ දමා
උන් ලියූ
අරුත් සුන් වදනට වඩා
පට්ට ලස්සනයිනොවෑ බං!

දුමී

පික්සු හැදෙනවනේ බොල....!! හැඩයි බොල මාර හැඩයි....!

Beetle

මේ කවියේ සේරම මම වටහාගත්තද දන්නේ නෑ... ඒත් මේක කියවද්දී ඉස්සර සිද්දීයක් මතක් වුණා...

පුංචි කාලේ අපේ මහගෙදර පිරිත් මන්ඩප්පෙකට මහප්පා ඩිමයි කොල වලින් කැටයම් කපද්දී මම කැපිලා ඉතුරු වෙන කෑලි අරන් එකින් එක අමුණනවා මට මතකයි... රටාව තියෙන්නේ කැටයමේ විතරක් නෙවෙයි... කැපිලා ඉතුරු වෙන කෑලි වලත් ලස්සන රටාවක් තියෙනවා කියලා එදා මට තේරුණා...

Weni

හරි හමන් විදියට ලෝකයා නොබැලුවට බැබලෙන්න තියෙන මහා ලොකු නිර්මාණෙ ගොඩනැගෙන්න ජීවිත පූජා කරපු අහු, මුලු, කොන් වල තියෙන්නෙත් ඒ ජීවයමයි..

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්