සුසුම් පොදක් පෙරුම් පුරා
සුවැති සඳක් මුදුන් වෙලා
"ඇය"ක ඇවිත් පවන් සලා
ලොවක් සැනින් එකලු කලා
පෙමක් දුරින් පිපෙත් සැනින්
හදක් රිදෙන තැනක් වෙමින්
කලින් පෙමින් දුරස් වෙමින්
දකිත් එපෙම හඬත් වෙසින්
ලියක සලා සෙමෙර පවන්
දැවූ කාම ගිණි නිවමින්
පොවා විතක් සනසවමින්
කියවත් ඈ නුරා වදන්
"සතිය" ගිලෙන තුරු රසඟේ
කෙඳිරුම මා එකලු කලේ
සයනේ පබලුමුතු ගැස්සේ
රහස් කතාවක ඔස්සේ
නිවා ගින්න රාග මතේ
දවටා ඈ ගත සලුවේ
නැඟිට ගොසින් මහමලුවේ
කිම රජ නුඹ කල් මැරුවේ
7 ක් අදහස් දක්වලා.:
හැඩැති කයිය මරු යැ!
ප්‍රේමය නම් භාවනාව වඩා රතියෙන් උදම්ව සැනහූ සිත අනිත්‍ය දකින සඳ...
ඇය කොහිද ? ඔබ කොහිද ?
අපූරුයි...
තේරුං යන්නත් වෙලා ගියා ඕං
"කලින් පෙමින් දුරස් වෙමින්
දකිත් එපෙම හඬත් වෙසින්. . "
මගේ හිතට ගොඩක්ම අල්ලලා ගියේ මේ කොටස තමා . . .
තුන් පාරක් කියෙව්වා තේරුම් ගන්න...
:D :D
මම හිතන්නෙ මට එය තේරුණා
Post a Comment