ශෝකාලාපය

Devil_tattoo_by_cal87

යක් දෙස් තෙමේ
මතුරා ගැසූ
හැත්තෑ වෙනි ගැටයෙන්
ගැටහැත්තේ දී
නූල ට හසු කරගති
යක්ඛ තැන..

හහ් හා එම්බා කලු
යකුව,

තගේ මේ කෙළි නැටිලි
අවසන්යැ මින්මතුව
හදි කෙරූ යුවතීට
සැනසීම නොදුන්නොත්
තගේ වත මේ කුපේ
සදා වල දමනු ඇති

එසේවුව මෙසේ අද
දෙවොල් පොල පුරාවට
මා ගැනම දෙස්දෙවන
තගේ කුණු ලේ බිඳක
ඇගේ කුසතුල මෙකල
පෙරළි ලන බවට මම
කෙසේ නම් කියන්නද

සැමදාම
පැරදි යන
කලුම කලු යකා
මම..

8 ක් අදහස් දක්වලා.:

මාතලන්

යකෙකුගේ විරහ ගීයක්... නියමයි...

hare :-)

කළු යකා කියා ගොස්
හැත්තෑවක් ගැට අතර
යුවති ගැට ලොල්
යකැදුරු ගැටය ගැන...

හිස් අහස

මේ කවියට මම මෙච්චරටම ආස කරන්නේ ඇයි ?

පූසා

නියම යකු මා නොවෙම්
දෙවොල් පොල පුරාවට
මා ගැනම දෙස්දෙවන
යක් දෙස් තෙමේ මැයි
නොකියමිය කිසිවෙකුට
ඇගේ කුසතුල තිබෙන
කුණු ලේ බිද ගැනද
නොහලමිය කිසිම තැන
එක කෙල බිඳුවකුදු

ඉතිං ඒ මදිද බොට
බුරුල් කරපං ගැටය
හදි කරනට යුවතියනට
උනුත් එයි උඹ ළගට
පාඩුවක් නෑ නෙවෙද?
දොල පිදේනි තියාපිය මට!

duliponline

නියමයි බං (ඊට වඩා මගුලක් කියන්න තේරෙනවැයි උඹේ එවුවට)

Weni

යකාත් නුඹේ, පිදේනියත් නුඹේ, ආතුරයත් නුඹේ..තව වෙන මොනවද ?

Lishan Puwakovitage

මාතලන් ►
කොච්චර ධවල වස්තර පෙරෙව්වත් අපි අස්සේ කලුයකෙක් ඉන්නවා මාතලන් අයියා.

හරේ ►
කීමට ඇත්තේ එක දෙයකි..,
යක්කුන්ටත් හදවත් ඇත.
:)

සඳරු ►
තව හිතපන්..,
සමහරවිට හේතුවක් ලැබේවි.

පූසා ►
යක්කු අහිංසකයි
සමහර මිනිස්සුන්ට වඩා මල්ලී..!

ඔනේ ►
ස්තූතියි මචන්..! :)

වෙනි අයියා ►
කිසිවක් ඉතුරු නැත..

අදහස් ලියූ හැමෝටම ස්තූතියි..!
ජය.!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්