#KolaveriDi


මිතුරනි මේ ගැයෙන්නේ දුක් ගීයකි
එන්න අසන්න වට වෙන්න.
මේ පෙම නිසා
පද එකතු කල දුක්ඛාන්තයකි

දුරින් ඈ සඳ දීලේ ධවලින්
ධවල බිමට රැය පායා එන සඳ,
ඒ දිලේ අඳුරින්...

යුවති ඇස ඇස ගැටෙන මොහොතක
ඉපදි මා දිවි අඳුරු වෙන කල...
ධවල යුවතියන් කෙතරම් සිටියද
ඔවුන් සියල්ලේ හදවත් අඳුරු නම්
කුමක් කරමුද?

අතැති බඳුන් රහමෙරින් පිරී යත
නෙතට ඉනූ කඳුළැලි සමඟින්
එහෙව් හිස් දිවි පා නගන යුවතී
දිවිය සැනින් කණපිට හරවත්..

එහෙව් යුවතිය
මම නුඹට පෙම් කරමි
දෙවියනි මට
නුඹ අවැසිය එපමණට ම

14 ක් අදහස් දක්වලා.:

Supun Sudaraka

මට මේක හොඳයි වගේ ඔරිජිනල් වර්ෂන් එකට වඩා. :D

Weni

නියමෙටම පද ගලපලා..අර්ථය රැකෙන විදියට

සිහින

මම මේ සිංදුව මුලින්ම ඇහුවෙත් ලිසාන් අයිය බුකියෙ සෙයාර් කරපු එකකින්.ඒ වගේ හාස්‍යමය ගීතයකින් මෙහෙම අරුතක් මතු කරපු එක තමයි වැදගත්.

Bunny

සිහිනයාගෙ කතාවම තමා මට කියන්න තියෙන්නෙ..
වයි දීස් කොලවරි කොලවරි දී..

දුකා

සිරාවටම සිරා ඕයි . .

"ධවල බිමට රැය පායා එන සඳ,
ඒ දිලේ අඳුරින්"

මෙන්න මෙතන ජුන්ඩක් අවුල් වගේ දැනුනා

ඒක

"අඳුරු රැයට පායා එන සඳ,
ඇය දිලේ ධවල පැහැයෙන්"

වගේ උනා නම් කියලා හිතුනා

Beetle

ලස්සනයි මචෝ.. හැබැයි මේක මෙහෙම කිව්වම හිට් වෙන්නේ නැති නිසා තමයි අරූ අරහෙම කිව්වේ මගේ හිතේ... :)

තොටියා

නියමෙට පද ගලපලා තියනවා... එල...

Dinesh

සංගීතයත් ගායන විලාෂයටත් වඩා අපූරු තේරුමක් මේකට තියෙන්නේ..

මාතලන්

Soup Song.. Great, Superb, Excellent, what a poem.. tasty... Thank You...

Maxi

supiri..........bro
ade mn meka fb ekata dammata kamak nathda bn....

පබලු

නියමායිzz... කොලවෙරි ඩී ගීයේ වටිනාකම වැඩි වුනා වගේ මේ වචන වලින්

Lishan Puwakovitage

සුදාරක : :D පොඩි ට්‍රයි එකක් දැම්මා බලන්න..

වෙනි අයියා, සිහින, නිමල් : ස්තූතියි.

දුකා : අඳුර නසන්නට ආලෝකය පායා ඒනම්.., ආලෝකය නසන්නට‍ අඳුර පායා එන්නට බැරිද..?

බීට්ල් : අනිවා මචන්.

තොටියා, දිනේෂ්, මාතලන් අයියා : ස්තූතියි හරිය..

මැක්සි : කිසි අවුලක් නෑ ගනින්. :)

පබළු : ස්තූතියි සහොදරී.

හැමදෙනාට ම : බොහෝම ස්තූතියි, ඔක්කෝට ම..!

Pathum Punchihewa

මේක ඇනලයිස් කරන්න ගියොත් රසය නැතිවෙනවා. මම මුලින්ම කියෙව්වේ ටයිටල් එක බලන්නේ නැතුව. දෙවෙනි පාර ටයිටල් එක දැක්කේ. දැනෙන පද බැඳිල්ලක්.

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්