E - Minor | ඊ මයිනා

යාලුවෝ එක්ක
සෙට් වෙනකොට
වයන්න බැරි උනත්
ගිටාර් එක අතගෙන
දුක් විඳින උඹ
අද සුපර්ස්ටාර් කෙනෙක් වෙලා
ඊ මයිනා ගහනවා
ටීවී එක තුල

ගිටාර් එක
ගහනවා වෙනුවට
ගිටාර් එකට ගහපු
උඹ
විනිසුරුවන්ගේ ගුරුහරුකම්
මැද
ගිටාර් එක පටලාන
ඊ මයිනා ගහනවා
ස්ටේජ් එක උඩ

කොල්ලෙක් උනාම
ගිටාර් එකක් තියෙන්න ඕන කිව්ව
උඹ,
ගහන්න බැරි උනත්
යන යන තැන
උස්සගෙන ගිය
උඹ,
අපේ එස් එම් එස් වලට
අගේ දෙන්න
අද රියැලිටි ස්ටේජ් උඩ
ඊ මයිනා ගහනවා
ලෙසටම

හරි සතුටුයි උඹ ගැන..!

7 ක් අදහස් දක්වලා.:

Anonymous

ඔබ මාරම දක්ෂයෙක්..යම් දෙයක් නිසා මටත් මාරම විදිහට වැදුනා මේ පෝස්ට් එක..මාරම ලියවිල්ලක්..ජය!

PM

මම ද මේ කවිය කියවුවෙමි! .

කවිකරණය තුළ ඍජුකථනයකට ලඝුවීම, බස හැසිර වීමට ඔබට තිබු අගනා හැකියාව වසාගැන්මක් යැයි ද එය මෑත-කාලීනව මෙහි මා කියවු ස්වල්පයක් කවි අතර ප්‍රවණතාවයක් වී ඇතැයි ද මට සිතේ.

Unknown

වසර 2012-11-08 දින ආරම්භ කරන ලද ගුරුගෙදර වෙබ් අඩවියට පැමිණී ඔබව සාදරයෙන් පිළිගනිමු.වැඩි පාඨක පිරිසක් වෙත යාමට අදම ගුරුගෙදර හා එක්වන්න www.gurugedara.org ඔබට හැකි නම් ඔබ මෙතෙක් ලියූ හොඳම ලිපි කිහිපය gurulugomi2014@gmail.com හරහා අප වෙත එවන්න.
www.gurumag.blospot.com

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්