"නිර්දය" හදින් යුතුව ලියා දන්වන වග නම්

හිතාදර ප්‍රේමය,

නුඹ තැපැල් කල
සෙනෙහෙ කොල කියවන්ට
නවා තිබූ දාරයන්
දිග හරිත්දී
ලියා තුබූ කඳුළු
වලට තෙතබරිත වූ
ලියුම පෙඟී
විරහව අසලින්
ඉරීයන ලදී.

කරුණා කර
නැවත ලියුම්
එවත්දී කඳුළු
ලැමිනේට් කර
එවන්නේ නම්
මැනැවි.

ස්තූතියි

මෙයට,
"නිර්දය" හදවත.

8 ක් අදහස් දක්වලා.:

තිස්ස දොඩන්ගොඩ

විරහව බාරගන්න සූදානම් නෑ වාගේ...
පොඩි පහේ උපහාසයකුත් දාලද ලැමිනේට් කරන්න කීමෙන්.. :-)

දුකා

විරහව අසලින් ඉරී ගියා කියන්නේ දැන් විරහව ගෑන් දුක් වෙන්නේ නෑ කියන එකද?

ඒක නෙමේ අර උඩ තියෙන පින්තූර කොහෙන්ද බන් හොයා ගන්නේ?

පබලු

හිත රවටා ගැනීම ක් ද?

Anonymous

අපූරු ලියවිල්ලක්!

ආගන්තුකයා | Stranger

විරහව අසලින් ඉරී ගියා කියන්නේ විරහව ආවේ නෑ කියන එක වෙන්න ඕනි. මේක තමා ඇප්රෝච් එක..

Fantasm

තනිකර හිත රවටා ගැනීමක්!

විරවහ ඇරෙන්න අතින් සේරම කියෙව්වනේ :D (විහිලු)

කොහොම උනත් බොහොම අපුරු සිතුවිල්ලක් !!!

හිරු

ආයිත් මොනාටද ලියුම්....?

Unknown

වසර 2012-11-08 දින ආරම්භ කරන ලද ගුරුගෙදර වෙබ් අඩවියට පැමිණී ඔබව සාදරයෙන් පිළිගනිමු.වැඩි පාඨක පිරිසක් වෙත යාමට අදම ගුරුගෙදර හා එක්වන්න www.gurugedara.org ඔබට හැකි නම් ඔබ මෙතෙක් ලියූ හොඳම ලිපි කිහිපය gurulugomi2014@gmail.com හරහා අප වෙත එවන්න.
www.gurumag.blospot.com

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්