මඟ පිසින දෙවුලිය

දුටු වනම
නුඹට
පෙම් බඳින්නට
මා කෙතරම්
ප්‍රේමක්කාර වන්නට
ඇත්ද

කලා කරුවා
තුඩින් පණ දුන්
භාරත දේව පිළිමයක ලෙස
මහද මත තැනී ඒ
සයනයේ කෙළිලන
නුඹ

හෝ!!
මායංකාර පෙම;
මඟ පිසින්නියක වුව
තී ලියකි මට
දෙවු ලෝ තල

නිමිත්ත► චිලීයේ මහා කවි පැබ්ලෝ නෙරූඩා (Pablo Neruda)වරෙක සිය සේවය ලංකාව තුල සිදු කලේ [1929/30] චිලීය නියෝජනය කරන තානාපති නිලධාරියෙකු ලෙසය.., කවියෙකු මෙන්ම අරුමැසි පෙම්වතෙකු ද වූ නෙරූඩා සිරිලක තුල සිය සමාසිකයක් පමණ වන සේවා කාලය තුල ජීවත්ව සිටියේ වැල්ලවත්තේ ය. නිවස අසල මාවත් පිරිසිදු කරන්නියක වෙත දුටු සැනින් පෙමින් බැඳුණු නෙරූඩා ලංකාව තුල ජීවත් වූ කාලය තුල දුටු රූමත් ම ගැහැනිය ඈ නව පැවසීමෙන් නොනැවතී ඈ වෙත ඔහු තුල වූ ආලය මතින් ඇයව දුටු අයුරු මෙලෙස කියවන්නා වෙත තබයි.

"මගේ යහන මත වැතිරුනේ දකුණු ඉන්දියාව පුරා වූ කෝවිල් වල මා දැක තිබූ වසර දහස් ගණනක් ඉපැරණි දේව පිළිමයකි"

නෙරූඩා කියවන්න : http://goo.gl/ZNtqT

7 ක් අදහස් දක්වලා.:

samakayawate

අගනා දෙයක් අද උදෙන්ම ඔබ අප වෙත රැගෙන විත් ඇත්තේ...ස්තුතියි මිත්‍රයා.
සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

හිරු

ආදරයට සීමා මායිම් නෑ වගේම එක එක්කෙනාට පේන ලස්සන එක එකකෙනාට විශේෂයි... සමාජීය සීමා මායිම් කියන්නේ චිත්‍රයක් අදින්න මතෘකාවක් දෙනවා වගේ දෙයක්...

සෝරෝ

නිරායාසයෙන් උපදින ප්‍රේමය, සදාතනිකයි..

රවා

නිරායාසයෙන් උපදින පෙමකට සමාජය විසින් දෙනු ලබන අර්ථදැක්වීම් නිසා මම බොහොම බියෙන්.. :D

කවිය ලස්සනයි...
වීඳීම ආවේණිකයි..

Manasindiviyata

නිර්මාණාත්මකව ගොතලා තියෙනවා
http://manasindiviyata.blogspot.com/

PM

මේ කවියට වඩා එයට කමටහන් දුන් සිදුවීම සිත් බඳිනා ගුණෙන් යුක්ත ය.

'ප්‍රේමක්කාර' යන යන වචනය මට අළුත් ය. එය කාව්‍යෝචිත යෙදුමක්ද කියන සැකය තියෙනවා.

Lishan Puwakovitage

නලීන් : ස්තූතියි මචන්

හිරු : ආදරය කියන දේ කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි.., හරියට වළාකුළු වගේ.., පේන විදිය හා දැනෙන විදියත් කෙනාගෙන් කෙනාට වෙනස්..!

සෝරෝ : අනිවා!

රවා : "නිරායාසයෙන් උපදින පෙමකට සමාජය විසින් දෙනු ලබන අර්ථදැක්වීම් නිසා මම බොහොම බියෙන්.." මෙන්න මේ අදහසට මම පට්ට ලයික්..!

ගයනි : ස්තූතියි!

පියුමි : කරුමයට හේතු වූ යමෙකු කරුමක්කාර වේ නම් ප්‍රේමයට හේතු වූ යමෙකු ප්‍රේම්ක්කාර වීමේ වරද කිම?
හෙල බස මැටි පිඩක් වැනිය.., රටා දත් කුඹලා නිපුන් දෙ අත් භාවිත කොට නව නිපැයුම් උපද්දයි..!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්