එහිතට ඇමතුවෙමි

◄ වි ලෝ ම ය►

ගියෙමි මඟුලකට
සියල්ලම සිනහසෙති නටති
මනමාලිය හැර
හඬයි ඈ මුවෙහි
ඉකියක් තබාගෙන

සහභාගි වුනෙමි
"අව" මඟුලකට
සියල්ලම සුසුම්ලති හඬති
මළමිණිය හැර
නිදයි ඈ මුවෙහි
සිනහවක් නඟාගෙන

E - Minor | ඊ මයිනා

යාලුවෝ එක්ක
සෙට් වෙනකොට
වයන්න බැරි උනත්
ගිටාර් එක අතගෙන
දුක් විඳින උඹ
අද සුපර්ස්ටාර් කෙනෙක් වෙලා
ඊ මයිනා ගහනවා
ටීවී එක තුල

ගිටාර් එක
ගහනවා වෙනුවට
ගිටාර් එකට ගහපු
උඹ
විනිසුරුවන්ගේ ගුරුහරුකම්
මැද
ගිටාර් එක පටලාන
ඊ මයිනා ගහනවා
ස්ටේජ් එක උඩ

කොල්ලෙක් උනාම
ගිටාර් එකක් තියෙන්න ඕන කිව්ව
උඹ,
ගහන්න බැරි උනත්
යන යන තැන
උස්සගෙන ගිය
උඹ,
අපේ එස් එම් එස් වලට
අගේ දෙන්න
අද රියැලිටි ස්ටේජ් උඩ
ඊ මයිනා ගහනවා
ලෙසටම

හරි සතුටුයි උඹ ගැන..!

සිදු වන්නේ කුමක් දැයි බලා සිටිමු.

දිය තුවක්කුව

රූප රාමුව සොරාගත්තේ කර්ම චිත්‍රපටයේ තේමා ගීතයෙනි.

පරකාසේ

Return top | ඉහත්තාවට නැවතත්