බේරේ පන්සලේ පිරිත් නූල

හාමුලා, ලොකු ආප්පොලා මැද
ඇමති මැතිවරු මැණිකෙලා
සිටිති ඉඳගෙන කුළුණු බර වී
බණ දෙසන හිමිනම දිහා
කට ඇරන් ඇස් දෙක වසා

ඔන්න ඔහොමලු බුද්ධ කාලෙත්
බුදුන් දෙසනා බණ අහන්නට
උවැසි උවැසියෝ පිරී හිටියේ
සඟ රුවන බණ දෙසනවා

පිරිස ඈණුම් අරිනවා
හොරෙන් ඇස් ඇර බලනවා
සාදු සාදු කියනවා

වතුර ටැංකිය, නූල් පන්දුව
වරු තුනක් ඇත පිරිත් කරලා
කැමති මැතිවරු ආධාර කර
නූල්, දිය බිඳු ගන්නලා

වටාපතකින් මුව වසාගෙන
හීනි දෑසින් බැල්ම දීගෙන
තුරුණුවන් ගුණ වයා ඒ හිමි
පිරිත් නූලක් බෙදනවා
වතුර උගුරක් පොවනවා
ටිකැට් පොතකුත් අදිනවා

මේ වැඩපු ලොකු සාදු නම් හරි
සිල්වත්ය දෙයියෝම බලං
කතරගම නුවරද අනුරපුර
ඉඩ කඩං ඇත ඇතිපදං

පැයක් හරියට බණක් දෙසලා
ලැබුණු පිරිකර ගණන් කරලා
පන්සලට ගෙන එන්න කියලා

ජිප් එකට හිමි වඩිනවා
සැවොම සාධූ කියනවා

හරිම සිල්වත් හිමිගේ බණ ටික
නිවං ගිය වග දැනෙනවා
හාරදාහක් මිල ගෙවා ගත්
පිරිත් නූලක් තියෙනවා
හරිම ආසා හිතෙනවා
නිවං ගිය වග දැනෙනවා

6 ක් අදහස් දක්වලා.:

Anonymous

අනේද කියන්නේ...නිවන් යන්න තියෙන ආසාව!!


මම මීට අවුරුදු තුනකට විතර කලින් මගේ බ්ලොගේ ලිව්වා "සුජාතාවගේ කිරිපිඬු දානය" කියලා එකක්. මට හිතුනා ඒක මෙතන දාන්න. ඇඩ් එකක් කියලා වරදවා හිතන්න එපා කරුණකරලා. මම ඔබේ බ්ලොගය කියවන්නෙක් මාතලන්ගේ සිංඩිය හරහා.

........................
සුජාතා… සුජාතා..

මොකද අතුල මේ ..මට හරි මහන්සියි..උදේ ඉදන් මැරිලා මැරිලා දානෙ හදාගෙන පංසල් ගියා..ඔයාට නං මොකද ..! වැඩට යනවා විතරනේ,,

ඉතින් ඉතින් කට්ටිය හිටියද..?හාමුදුරුවො කෑම රහයි කිව්වද..

කෑම නං රහයි කිව්වා, අතුල මහත්තයාගෙ සම්බෝලෙටදෙහි ටිකක් වැටුනා නං හොදයි කිව්වා........ඔයා දෙහි මිරිකන්න බයද ඇහුවා..! පිරිකර නං ඕනෙත් නෑ…. සුජාතා නෝනාව දකින එකත්ම පිනක් කියලා කිව්වෙ..හාමුදුරුවො අමුතු වෙලා , ලබන පාර
වෙන පංසලක්වත් හොයාගමු.. අනේ.....අතුල මට මහන්සියි… ඔයාගෙ කෑම එක කහපාට අයිස්ක්‍රිම් පෙට්ටියේ..සම්බොලේ අප්සට් නං කන්න එපා.....අනේ අතුල එලාර්ම් එක තියල නිදාගන්න.. පැය දෙකක් වේලාසනින් ගියොත් ඕවර්ටයිම් කියලා කිව්වා නේද..දානෙටත් හරි වියදං ….ගුඩ් නයිට්.. රංතරන්…

Aruගෙ අඩවිය. .

නාඩියා නාඩිරත්න

නිවනත් මාකට් කරගන්න හොඳ item එකක් කරගෙන!

තිසර

එක හාමුදුරුනමක්, වතුර බවුසරයක්ම පිරිත් පැන් කලා මට මතකයි.

හිරු

පන්සල් නොයා ඉන්නම හිතෙන්නෙ ඕවා දකින කොට කට පියං ඉන්න බැරි නිසා දැං.. පුදුම වාතයක් ඒකත්...

දේශකයා

මටත් මේ පැජාරායියේ වඩින බන කියන සාදු කෙනෙක් මතක් උනා.. තැන්කුයි එක කතාවක් ලියන්න ඇහැකි.. දැං.. හැක් හැක්..

Unknown

අනේද කියන්නේ...මේ තොපි ගරහන්නේ තමන්ගේ ආගමට තමන්ගේ ජාතියට කියල හිතෙන්නේ නැති අපුරුව...හොදට වචන ටික ගලපලා තිබුන...එල බුද්ද ධම්ම සංග කියන තුනුරුවන්ව අවිස්වාස කරගෙන තොපි මේ කොයි ලෝකේ යන්නද තනන්නේ...ඇයි හැමදේම වැරදි විදිහටම දකින්නේ ...ඔකේ හරි පැත්ත ගැන හිතන්නේ නැත්තේ ඇයි...පැවැත්ම තියෙන්නේ මහා සංග රත්නය අතේ කියල අමතක කරන්න එපා...සිංහලයාගේ වගේම බෞද්දයගේ පැවැත්මත් තියෙන්නේ වර්තමානයේ වැඩ ඉන්න හාමුදුරුවන් ගේ ලග....බුද්ද ධම්ම කියන රත්න දෙක පවත්වාගෙන යන්නේ හාමුදුරුවරු...පෞද්ගලිකව එයාල මොන විදිහට හිතුවත් අපේ හාමුදුරුවනේ කියල වදින්න වගේම තුනුරුවන් කියල පන්සලට ගිහින් වදින්න හරි චීවරය දාරගත්ත හාමුදුරුවෝ ඉන්නවනේ...හැම කෙනාම ඔය විදිහට හිතුවොත් තව පරම්පරා 3 යනකොට ඉස්සර හාමුදුරුවෝ කියල සංග රත්නයක් හිටියනේ කියල තමයි ඒ පරම්පාරාවේ මිනිඩ්ස්සුනට කියන්න වෙන්නේ...මේ බ්ලොග් එක කරන කෙනා බෞද්දයෙක්ද කියල කියන්න මම දන්නේ නැ .. එක හාමුදුරු නමකගේ වැරැද්දකට මහා සංග රත්නයටම ගරහන්න එපා...මේ දැනුම හොද දෙකට යෙදෙව්වනම් මීට වඩා වැදගත් වෙයි ... තමන් මොන විදිහට හිතුවත් කමක් නැ .. වයිරය පතුරුවන්න එපා...මේක බලන අනිත් අයත් ඔයා හිතන විදිහට හිතුවොත් ඔයා කරන්න මහා ලොකු පාපකර්මයක්....ඔයාට එකෙන් ගැලවෙන්න ආත්ම 100කින් වත් බැරිවෙයි....

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්