එල්ලය බලා වෙර දමා අහසට
උඩට විසි කල ඇගේ හාදුව
මාවතේ තනිවම ගමන් ගිය
වැදුනා මාගේ ලලාටය මත
අයියේ මාගේ හාදුවක් ඔබේ
නළලේ වැදීලා විසි උනාදෝ
දුටුවා නම් විසිවූනු ඉසව්වක්
තරහා නැතුවම කියනවාදෝ
නංගී මම හරි කලබලෙන් වැඩ
පොලට යන මග ඉන්නේ දරුවෝ
වැඩ ඇරිලා මම නැවත එනවිට
හොයනකම් ඔබ ඉන්නවාදෝ
අනේ අයියේ කොහොමටත් බැහැ
එක මාගේ එකම හාදුව
ඔහුට දෙන්නයි හිටියේ මම එය
උඩ දමා නැති නොවුනා නම් හෙට
මක්කරන්නද එහෙම නම් මම
අලුත් හාදුව මගෙන් දෙන්නද
මගේ අතේ තව දුසිම් ගානක්
තරමටම ඇත හාදු ඉතුරුව
එක්වරම එය ඇසු යුවතිය
තරහකින් මා දේස බලා
ඉවත් වී ඒ සඳලුතලයෙන්
මැකී නොපෙනී ගියා
එල්ලය බලා විසිකෙරුව කල
උඩට විසි වූ ඇගේ හාදුව
නළලතේ වැදිලා තදින් වැර
වැටුනේ මාගේ සාක්කුවට ම
කිව්වේ නැහැ මම ඇගේ හාදුව
මගේ සිත මත සුරැක ඇති බව
හදිසියේ ලැබුණා උනත් මට
වටිනවා මහා මෙරක් තරමට
උඩට විසි කල ඇගේ හාදුව
මාවතේ තනිවම ගමන් ගිය
වැදුනා මාගේ ලලාටය මත
අයියේ මාගේ හාදුවක් ඔබේ
නළලේ වැදීලා විසි උනාදෝ
දුටුවා නම් විසිවූනු ඉසව්වක්
තරහා නැතුවම කියනවාදෝ
නංගී මම හරි කලබලෙන් වැඩ
පොලට යන මග ඉන්නේ දරුවෝ
වැඩ ඇරිලා මම නැවත එනවිට
හොයනකම් ඔබ ඉන්නවාදෝ
අනේ අයියේ කොහොමටත් බැහැ
එක මාගේ එකම හාදුව
ඔහුට දෙන්නයි හිටියේ මම එය
උඩ දමා නැති නොවුනා නම් හෙට
මක්කරන්නද එහෙම නම් මම
අලුත් හාදුව මගෙන් දෙන්නද
මගේ අතේ තව දුසිම් ගානක්
තරමටම ඇත හාදු ඉතුරුව
එක්වරම එය ඇසු යුවතිය
තරහකින් මා දේස බලා
ඉවත් වී ඒ සඳලුතලයෙන්
මැකී නොපෙනී ගියා
එල්ලය බලා විසිකෙරුව කල
උඩට විසි වූ ඇගේ හාදුව
නළලතේ වැදිලා තදින් වැර
වැටුනේ මාගේ සාක්කුවට ම
කිව්වේ නැහැ මම ඇගේ හාදුව
මගේ සිත මත සුරැක ඇති බව
හදිසියේ ලැබුණා උනත් මට
වටිනවා මහා මෙරක් තරමට
සේයාරූ : Andy Barter
3 ක් අදහස් දක්වලා.:
මම කොර උනා...
-- මොහොතක ප්රීතිය සැනසුම සාදත් --
මවගේ තුරුලේ කිරිබී වැඩෙනා දරුවට මෙය සම්පතකි
දරු සුරතලයේ අරුමය දන්නා මව්පියනට සැනසුමකි
මංගල සීනේ පෙම් සුව විඳිනා තරුණිට මෙය ගිවිසුමකි
අතගෙන ඇයගේ මාලිග සදනා තරුණට ආහාරයකි
පෙම්පත පැරදී ලතැවෙන තැවෙනා පෙම්වතුණට විහිළුවකි
දරු මල්ලන්ගේ ඇතිබර දැනෙනා අඹුසැමියනට විහිළුවකි
ජීවන ගමනේ දහදුක විඳිනා මහලු අයට සරදමකි
සසරක වැතිරී නිති සිල් රකිනා තවුසට මෙය පිළිකුලකි!!
මචං........... පට්ට......... දිගට ම ලියන්න කියලා ඉල්ලා සිටිනවා...... පුළුවන් වෙලාවක් එනකල් නොඉද වෙලාවක් සොයාගෙන ලියන්න... මෙවැනි නිර්මාණ අපි අතර නිතර හුවමාරු විය යුතු බවයි අපේ අදහස............
Post a Comment