( අ ) හෝ සෙන්ට් ක්ලෙයා

හෝ සෙන්ට් ක්ලෙයා
දිය වරළ වනවා
ලලිත දිය හිණ රඳවා
සම බිමට ගලන දා
දැනේ සුන්දර බවක් හන්දා

හෝ සෙන්ට් ක්ලෙයා
ක්ලෙයා වත්තෙන් අරඹා
රඟණ දිය වැනි සුරඹා
බිමට ගැටෙමින් වැටෙනදා
මිහිදුමින් මුළු පෙදෙස වැසුනා

හෝ සෙන්ට් ක්ලෙයා
සොඳුරු බව පිරෙනා
ගලනා ලඳකි සොබනා
විදුලිය උපද්දා
සදහටම නැතිවේද මංදා...

india.1173238260.hill_country_100

4 ක් අදහස් දක්වලා.:

gayandinusha

ලීෂාන්'s back with different topic!

Indranama

සංවර්ධනේ නොවැ!!

වන්නි

හපොයි එහෙම වුනොත් නං වැඩක්ම නෑ බං. එහෙම වුනොත් ඒක වචනයෙන් විස්තර කරන්න බැරි දුකක්! :(

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්