සිතැත්ති

සුමුදු ඇඟිළි තුඩු තෙපුලන
මිරිවැඩියෙන් තාල සලන
නිතර සිනා කිණි සොලවන - සිතැත්ති
විජිණිපතින් පවන් සලන ඔබයි මගේ රුවැත්තී

තරිඳු එලිය ඔබට ගුණයි
පෙම් ගීයට නම් කදිමයි
වළලු හඬ තාල සරට ගී - පබඳන්න
මේ ලොව ඇති වචන මදී මට බෑ ඔන්න

හද නුඹටම ඇරේ තියේ
සඳුන් සුවඳ දැවටී යේ
තත්පරයක් ඉනු බෑ මට ඒ නම් - ස ත්තයි
ඔබ නොමැතිව ලොවක් තනණු හැකි නෑ ඇත්තයි

3 ක් අදහස් දක්වලා.:

gayandinusha

කවුද බොලේ මේ සිතැත්ති?

LishWish

මමත් තාම හොයනවා මචං

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්