බංකොලොත් තාරුණ්‍යය..

ඔහුගේ
ඔලුව gel ය
හෙණ ගහලා වාගේ කෙළින් කොර ඇත.

ස්කිනිය srilankan ය
උඩින් දමා ඇති ටී එක armani ය
දෙකම පිටකොටුවේ පේව්මන්ට්ය

ඩෙනිම levi'sය
තැන තැන දම්වැල් මැස්ම දමා ඇත
ඩෙක් ෂූ දෙක adidas ය
ගත්තේ පෙරේදා වෙන්නප්පුවේ
සුද්දෙකු ගෙන් උස්සලා ය

ඔරලෝසුව citizen ය
ඩයල් එක වෙනස් කර rolex වී ඇත
අතේ ප්ලැටිනම් බ්‍රේස්ලට් ය
350හේ lover version එකකි

නිතරම අතේ සෙල්ෆෝනයකි
ඇත්තේ ක්‍රෙඩිට් සත 50කි
මොඩල් එක "nokia" ය
එය ගන්නට සල්ලි හොයන්නට ගොස්
තනිවූ පෙම්වතිය.., කාසිකාර,
N95 එකක් එක්ක ගියේද.., "nokia"ය

බහින්නේ crescat ය
නිවහන mc ය
වර්තමානය rock ය
අනාගතය tragic ය
අනේ මංදාය
පුදුමය...!

hiphop boy

5 ක් අදහස් දක්වලා.:

gayandinusha

සිරාවටම ඇත්ත බං......... ලස්සන idea එකක්

Narada

එන්න එපා ඕයි අපිට අපහාස කරන්න! Die or get life හරිද?
:P

Anonymous

මචන් මමනම් ඔය එක ජතියේ එකෙක් නෙවෙ එත් මමත් බන්කොලොත්

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්