සිරිමති විමල් මැති

නිමිත්ත: විමල්ගේ රෝල් මාරු වේ; ෆන් රසය බී සෞන්දර්ය උපාධිධාරීහු උපවාසය නිමවති.
(2009 අගෝස්තු 21 - W3Lanka )

wimal

ෆන් රස පොවති
උපවාස නිමවති
සිටි අසල ජනපති
සිරිමති විමල් මැති

පෙර සිටි විමල් මැති
උපවාස කරවති
අදි නිති විමල් මැති
කල වාස අරවති

සීනුවෙන් මුක්ත වුනි
සාටකේ පහස ලැබි
ධනවාදෙ පහස ගති
තැඹිළි නැත ෆැන්ටා දෙති

6 ක් අදහස් දක්වලා.:

Anonymous

ෆන් රස ගත්ත ගමන් කඩලා බොන්න පුලුවන් තැබැලි එහෙමද? එක කොච්චර සංකිර්ණ ප්ලැන් එකක්ද?

Anonymous
This comment has been removed by the author.
Chinthaka

වයසට යනකොට රතු පාටින් නිල්/කොළ පාට වලට මාරු වෙන එක දැන් සාමාන්‍ය දෙයක්නෙ.

Narada

දිසා, ඇත්ත නෙව. පාරේ තැම්බෙනවා වගේද පැජරෝ එකේ යද්ද්?

Anonymous

@binku එකනේ මම කිවුවේ

ඩෝසන්

කාලෝචිත සඳැසින් අලංකාර කවියක්. හික්මවන ලද සිතුවිලි පෙල ගැස්මක්.

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්