ආදරවන්තී | දිව්‍ය කුමාරී



හදවතට
හිත මිටිකරන්
සැතපෙන්න
මා ළඟ සුවෙන්
ආදරවන්තී, දිව්‍ය කුමාරී

හිත
බස් රියේ නැගි ගමන්
හොයනව
හද කොහේ කියා මං
ඔබ ගෙනිහින් මා දිව්‍ය කුමාරී

කොතරම් කියා
මා දෙඩෙව්වත්
හිත ඔබ නැතිව හරි තනිකමින්
යළි නොමඑන්නී ආදරවන්තී

හිත දෙන්න
ඔබ තැබු තැනින්
තනිවෙන්න
මට දැං හිතින්
ඔබ ළඟ නෑනේ දිව්‍ය කුමාරී

9 ක් අදහස් දක්වලා.:

දුකා

නැගිටලා බලන් . . .
සැතපුනු සයනයෙන්
මතකය පමනක් තබා
ඈ යන්න ගොස්
ආදරවන්තී, දිව්‍ය කුමාරී . . . !

බසයේ කවුලුවෙන්
වා රැලි ඉගිලුනාක් මෙන්
ඈ යන්න ගොස්
ආදරවන්තී, දිව්‍ය කුමාරී . . . !

නො එනා බව දන්නා බැවින්
නොසොයා නො එන්නම ගිය
ආදරවන්තී, දිව්‍ය කුමාරී . . .
සොයන් නුඹ නුඹවම
අමතක කර දමා
කුරිරු, අකීකරු
ආදරවන්තී, දිව්‍ය කුමාරී . . .

Rachintha Jayawardhana

ඔය කවි දෙකම මරු..මමත් කොහොමහරි ඕකට පිළිතුරු කවියක් ලියනවා.

malee_msg

‍මහ පොළවට නොදැනෙන්න
හීන් සැරේ අඩි තිය තිය

පවනට නොදැනෙන්න
මුදු සුළගේ එති එති

මොහොතක
නෙතු පියා ගත් ඇසිල්ලක

එයි...
ඇවිදින් යාවී...
ආදරවන්තී,දිව්‍යකුමාරී...!

LishWish

@ දුකා: අගේ ඇති කවියක් නෙව. ස්තූති වේවා.

@ මුචලින්ද: අනිවා මම දන්නවා සම්හරවෙලාව ට මටත් වඩා උඹ කවි ලියන්න හපනෙක් විත්තිය මල්ලී.
[මම ඇතුලු හැමදෙනා ම බලං ඉන්නවා ඒ ලියැවෙන්න ට තියෙන ලස්සන කවිය රසවිඳින්න ට]

@ Malee_msg: ඇය ගැන නොහිතෙන වෙලාවක් නෑ මලී.., ඒක වෙන්න ඇති මෙහෙම මගේ අතින් ලියැවෙන්නේ..!

Buru Babe

මම කවි ලියන්න නොදන්න නිසා කොමන්ට් නොදා ඉන්නෙමි.

බොහෝම සිම්පල් ප්ලෑන් එකක් නොවැ

Rachintha Jayawardhana

කොට්ටෙට
ඔබ නම මුමුණමින්
මිරිකගෙන
සැතපෙමි සුවෙන්
ආදරවන්තී,දිව්‍ය කුමාරී

කකුල් දෙකෙන්
බස් රියේ නැගිගමන්
හිත දුවනවා කකුල් තියලා
මගේ හිත
ඔබ ගෙනිහින් මා දිව්‍ය කුමාරී

කනටම ඇලවිච්ච
ඉයර් ෆෝන් දෙක
බෑග් එකේම පුස්කනවා
මගේ වටේම පිරිච්ච
ඒ හුරතල් කටහඬ නිසා

දාපු මුද්ද
ගලෝගන්න බෑ
හිත හයිය නැතුව නෙමෙයි
ඇඟිල්ලට මස් පිරිලා
ගලවලා දෙන්නකෝ,දිව්‍ය කුමාරී

Narada

මටත් එක්ක හදාපු එකක් වගේ! I am speechless again. Let me think of thing of this... ;o)

Narada

රෑ රැයට ගෙනමින් උණුසුම් සිසිලක්
නෑ හිතට දැනෙමින් කිසියම් විමසුමක්
ඈ සඳට ගෙනමින් ගිනියම් පාළුවක්
රෑ හීනට කොදුරමින් සුපෙම් වදනක්
ඈ....
ඒ.....
මගේ....
ආදරවන්තී, දිව්‍ය කුමාරී . . . !

Narada

"රෑ රැයට ගෙනමින් උණුසුම් සිසිලක්" යන්න "රෑ අඳුරට ගෙනමින් උණුසුම් සිසිලක්" යනුවෙන් නිවැරදි විය යුතුය.

කොම්පුටරේ ඉස්සරහ ලියද්දී වැරදෙනවා නෙව මට!!!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්