පාරමිතාව



අත් උස්සා හිස් අහසට
සිනහා වෙන දෙස බලන්න
ලොව දකින්න සතුටු වෙන්න
හදට හදක් මට කොයින්ද

පෙර කල වරදට දුක්වෙන
හතරට පැලි මා තුන් හිත
සනසවන්න සතපවන්න
වළලු අතක් දැන් කොයින්ද

හිත අද්දර ඇන තියාන
කාංසියට පැල් රකින්න
පිං කරනෙමි මං මතුවට
මට නැතිවූ ඈ ලැබෙන්න


4 ක් අදහස් දක්වලා.:

Anonymous

හත්වලාමේ!!! මොකෝ මේ ඇතුල පේන බෙඩ් ෂීට් එකකින් පොරව ගෙන...
වලලු දාන අතක් ලග පාතක නැති එකමයි හොද..
නැත්නම් මල විනාසයක් නොවැ බං වෙන්නේ....

හික් හික්....

ගණං ගන්න එපා බං, ලඟදීම හිමිකෙනා ලැබේවි.. එතකල් ඉවසං ඉදිං කොල්ලෝ...

Narada

ඔව්වා ලියන්න එපා බං, මටත් ඇඩෙනවා අප්පා!

LishWish

@ පිස්සා: හපොයි මමත් ඒක දැනුයි දැක්කෙ නෙව. කවියට හිත ගියාම blog post එක publish වෙලා කාරණාව බුදුවෙනකං හිතට මෙලෝ සිහියක් නෑ නෙව. සමාවෙන්න ඊළඟ සැරේ මම රෙද්දක් වත් ඇඳ ගන්න බලඤ්ඤාංකෝ..!
කොමෙන්ටුව ට පිං...!

LishWish

@ බිංකු: ගණං ගන්න එපා මලේ ජීවිතේ අපි හිතන එව්වම ලැබෙනවා නම් පිටින් සතුටින් ඉඳං ඇතුලින් සදාකල් දුක් විඳින්න වෙන්නේ නෑ නෙව...,

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්