නවක නිළියගේ පාපෝච්චාරණය


අධ්‍යක්ෂ තුමනි,
සලුපිලි උනා ලන්නට
අණ දුන්නත් නැත්ත්
මම හිටියේ
ගලවන්නමයි..,
බලකරනවට වඩා හොඳයි නේ
මම කොරන එක

ඒත් ඇයි පුදුම වෙලා..?
අමතකද..?
ක්ලෝසප් ගන්න
දුන්නොත් සිනමාවට ගන්නවැයි
කීව වග..?

අප්පච්චී අපිව හැදුවේ
ලැජ්ජ බයට උනත්
රූපේ ලස්සන නිසා
ගලවෙන්න බැරිවුනා නේ
වල් වහතු ඇස් වලින්..,
පඳුරක් පඳුර ගානේ
තලන්නට ගත්තට පස්සේ
තව රකින්න දෙයක් නැති නිසා
දුවේ
"උඹ සිනමාවට ම පල"
කියලා තල්ලු කරාම අප්පච්චී..,
මම කෝමැයි
නෑවිත් ඉන්නේ

අනික,
මේ තරමට ජනප්‍රිය වෙන්න
ඔබතුමාට කියන්න
කීදෙනෙක් ගේ අඟේ රඟේ බැලුවද?
රජා, රාජ පුතා, ඉඳන් ගෙදර
ගෙදර මිනිහට වෙනකල්
එල්ලලා ආපු ගමන දුර මදිද?
ඒත් අනේ පත්තරේ අයියලාට
මම ආදරේ කියන දේ
දන්නේවත් නෑ ඕං!!

36 ක් අදහස් දක්වලා.:

චමිදේවා

උඹත් දන්න දේවල්...:D

Amila Chathuranga

සිනමාව සහ නිලිකම ඒ කෙල්ලන්ව වල් කරනවද???
නැත්නම් වල් කෙල්ලො සිනමාවට එනවද??/
නලුවො අධ්‍යක්ශකවරු බඩු ගහනවද????
නැත්නම් ඒ අයත් අර හැමෝම අතගහන මල් වට්ටියට අතගහනවද??
කිරිපිටි දැන්වීම්, වල
නවසීලන්තෙ සාරවත් තණබිම් වල ගොම පෙන්නන්නෙ නෑ... ඒකියන්නෙ ඒ සාරවත් හරක් ගොම දමන්නෙ නැද්ද???

Anonymous

කොහෙන්ද මචං විස්තර ටික හොයා ගත්තේ?

Amila Chathuranga

ඔතන තියෙන්නෙ ගනුදෙනුවක්...ඒක ගැන වාද කරල වැඩක් නෑ...කෙනෙක් දෙනව අනික ගන්නව...හොඳයි සදාචාරානුකූල ,,ආගමානුකූල නිලියෙන්ට පුලුවන්නෙ සල්ලි ඩිංගක් හොයන් පොඩි මධ්‍ය්ම පාන්තික කෙනෙක් වෙලා වෙන ජොබක් හොයන් නිලිකම නවත්තන්න...ඒත් එහෙම වෙනවද??/
සල්ලි තියෙන මෝරෙක් සෙට් උනොත් විතරක් නිලිකම නවත්තනව...නැත්නම් ආයෙත් පෙර පරිදිමයි...

pavithra weerapperuma

ලොල්ය.. සිර මචන්.. හික් ය... :D (වෙන මක්ක කියල කියන්නදැ...??)

රංග - මගේ ලෝකය

ලිශා : ලියවිල්ල නම් පට්ටය. නමුත් අත්දැකීමක් ගෑවී ඇති බවක්ද පෙනේ? උඹත් කාව හරි ‍රැවැට්‍ටුවද? ලොල්

රවා

අපුරු තැනක්.. නියමයි..
කවුරු දකින්නද කවුරු අසන්නද
හිරුසදු වත් නැති මිහිමඩලෙ..

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

ලස්සන නිර්මානයක් .සමාජ යතාර්තයක්. හැබැයි හැම තැනකදිම සත්‍යයක් නෙවෙයි කියල මට හිතෙනව . කොහොම උනත් දෙන නිසා ගන්නවද බලෙන් ගන්නව හෝ ඒ සඳහා අනියමින් බලපැම් කරනවද කියන එක මතයි හරි වැරැද්ද තීරනය වෙන්නේ

uwiniran

ලස්සන නිර්මානයක් .සමාජ යතාර්තයක්. හැබැයි හැම තැනකදිම සත්‍යයක් නෙවෙයි කියල මට හිතෙනව . කොහොම උනත් දෙන නිසා ගන්නවද බලෙන් ගන්නව හෝ ඒ සඳහා අනියමින් බලපැම් කරනවද කියන එක මතයි හරි වැරැද්ද තීරනය වෙන්නේ .
copy karanawa arenna karanna deyak naha, mama sinhalen liyana widiha danne naha. danna kenek kiyala denna.

Sujeewa Kokawala

අවවාදයක් උපදේසයක් නෙවෙයි අහිංසක මතයක් විතරයි [බැරි වෙලාවත් මල පැනලා මගේ බ්ලොග් එක හැක් කෙරුවොත්]

අමු ගතිය වැඩියි වගේ. මේ අදහස ම පොඩ්ඩක් වැටෙන කිව්වා නම හොඳයි කියා සිතේ.

හැබැයි ඉතින් කවි ලියන එක විදිහක් නැහැ. විඉවෙචන මෙන්ම ඇගයුම් ද කියවන්නගේ පුද්ගලික මත.

Sujeewa Kokawala

වැටෙන = වටෙන්

නෙරංජි සුලක්ඛනා

:) හොඳ නිමැයුමක්...ඇත්තෙන්ම අනර්ඝයි...

hare :-)

මටත් අධ්‍යක්ෂ කෙනෙක් වෙන්න ඕන... :-(

පූසා

තවත් එක් සත්‍ය කතාවක්......

~ChAnDiKa~

පැහැදිලි සත්‍යය...

සුදර්ශන බංඩාර හේරත්

සම අයිතිය, අර අයිතිය, මේ අයිතිය, කිය කියා රෝසිලා වේසිලා කෑ ගැහුවට, ගෑනු නොදැනුවත්වම උං විකිනෙනවා.. පොඩි එකාගෙ කිරි පැකට් එකේ ඉදල පෑඩ් එක දක්ක්වා එක එක විකාර මාකට් කරන්න ඇඟේ කොතනහරි වහන්න ඕන තැනක් අරින්න්න් සල්ලි නොදුන්නත් ඕන ගෑනියෙක් අද කැමතියි.. මේක වලක්වන්න පිරිමින්ට කෑ ගහල වැඩක් නෑ.. ගෑනු ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕන..

Anonymous

කියන්නට දෙයක් නැ..මේක නම් උපරිමයි...

Harshana

බොහෝ වෙලාවට අපි අහන්න දකින්න ලැබෙන සිදුවීම් නිසා අපි අතරමං වෙලාවත්ද ? ජීවිතය සොයාගෙන යන බහුතරයක් මෙවැනි සිදුවීම් වලට මුහුන දෙනව කියන එක නම් පිළිගන්න වෙනව. ඒ වගේම සිනමාවෙ පමණක්ද මෙවැනි සිදුවීම් සිදුවන්නෙ කියන එකත් සෑහෙන දුරට හිතන්න වෙනව නේද?

Wipula Sumanasekera

කොල්ලෝ මේක මරු නිර්මාණයක්නේ... ඇත්තටම ඔක්කොම යථාර්ථය යස අපූරුවට තියෙනවා.... අපේ සිනමා හා රූපවාහිනී කලාවේ නිරූපිත සංසිද්ධියක්, කතාවක්... හැබැයි ඉතිං මං නම් ඔහොම පිටි පස්සක්වත් මේ නිළියන්ගේ දැකලා නෑ... බලලත් නෑ.. ඉතිං ඉස්සරහා පැත්ත ගැන කවර කතාද ? මට දුකකුත් ඇතිවෙනවා... මං ගැනද මේ නිළියන් වෙන්න යන කෙල්ලෝ ගැනද කියලා හිතාගන්ට අමාරුයි...මොනවා උනත් හොඳ නිර්මාණයක්....

දුකා

මම දන්න තරමින් නවක නිලියන්ට විතරක් නෙමෙයි මේක නවක නලුවන්ටත් අදාලයි

හැබැයි ඒක තීරණය වෙන්නේ ත් එක එක පුද්ගලයෝ මත.

සමහරු කැමැත්තෙන්, සමහරු ක්ෂේත්‍රයේ රැඳෙන්න ඕන නිසා අකමැත්තෙන් ඉවසනවා.

ඒක නිසා මේ නිසඳැස සත්‍යත් උපකල්පනයත් (මායාවත්) අතර එකක් කියලයි මගේ හැඟීම.

LishWish

හැමදෙනාට ට ම ගොඩාක් ස්තූතියි..!! :)

Ishan

patta machan..................

Sabith

පට්ටම සිරා මචං!එච්චරයි කියන්න තියෙන්නේ!

Anonymous

අදමයි මම මේ පැත්තට ආවේ ෂා නියමයි.

නිෂ්..

හරිම සංවේදි සිතුවිල්ලක්...

ගැමියාගේ පත් ඉරුව

මාරම ලස්සන නිර්මාණයක්... මේක තමා යථාර්තය නියමයි අයියේ....

Prasan Karunarathna

!!!!!!!ඇත්ත තිත්තයි!!!!!!!
+++++++++++++++++++++++

හූනා

කියන්නෙ මොනාද කියල හිතා ගන්න බෑ. තිත්ත ඇත්ත.

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්