වර්ෂා..!

නිමිත්ත: ඉදිරි මාස කිහිපය තුල රටට වර්ෂාධික කාලය එන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි ඉදිරිපත් කරයි.

123

රුදුරු වෙස් මවාගෙන
හාත්පස අඳුරු කර
අකුණු කෙටුවද හිතට
දන්නවා සොඳින් මම
නුඹ කවුද කියා අද

ඉරි තැලුව සිත් පසට
සනසන්න එක්වන්න
කෙනෙකුවත් නැති කලෙක
රුදුරු වෙස් පැලඳි නුඹ
දිය සලයි රහසින් ම

රුදුරු ඒ හරය ගැන
සැඟවූ ඒ සොඳුරු බව
පෙන්වනා කැඩපතක
හිමිකරුවා මා බවට
නොදැන ලෙස සිටියි නුඹ

ඉවත්කර රුදුරු මුව
සිනාසී මා සමඟ
සලා දිය මේ බිමට
පෙර වූ එ සරු බවට
ගන්ට බාරයි නුඹට

9 ක් අදහස් දක්වලා.:

Kavindya

ඉවත්කර රුදුරු මුව
සිනාසී මා සමඟ
සලා දිය මේ බිමට
පෙර වූ එ සරු බවට
ගන්ට බාරයි නුඹට........:D

hare :-)

රෙද්ද...
අදත් වහිනවා

මල ඉලව්ව...
පොළොව ඉරි තලලා

මිනිස්සුන්ගෙ වඩනවලින්
පිටවෙන්නෙ
උන්ගෙ හිත්වල රුදුරු බව

ඒත් උඹ මෙහෙම
ආදරේම කරන බව
දැණෙන්නම තියෙනවා
අද ඔන්න...

මස්තබාල්දුවා

සුදූගේ සුන්දර වත කමලේ
මට නම් ගිනි අපුලකි ඇත්තේ
එනිසා සුන්දර සුදු බක්කේ
නාඬා පලයන්කෝ හනිකේ...

ලිෂාන්.. උඹට ගෑනියෙක් ලයින් දාන්න එනවානම් මේ කවිය මේ විදියටම තියෙන්න ඇරපං. ඩිලීට් නොකර!

duliponline

හැමදාම වගේ එනව බලනව යනව තමයි . . . මේවට කොමෙන්ට් කොටන්න මට දැයෙන්නෑ බං. දෙන්න තියන එකම කොමෙන්ට් එක "පට්ට" කියල විතරයි

Dinesh

ඕනයා අයියා කිවුවත් වගේ මේ කවිය නම් පට්ට...

Beetle

මාත් අසායි...

Weni

ස්වභාවය දුටු විගසම ගොර බිරම් කියලා පැත්තකට කරලා තියලා කාලයත් එක්ක සුන්දරත්වය දුටු සහ ඊට පස්සෙ ඒ සුන්දරත්වයෙන් මගේ ජීවිතයට ගොඩාක් දේවල් එක කරපු තවමත් දුටු විටම ගොර බිරම් කියලම හිතෙන සුන්දර මිනිස්සු සියල්ලම මගේ මතකයට ආවා මේ නිර්මාණය රසවිඳින කොට...නිර්මාණයක තියෙන සාර්ථකත්වය ඒකම තමයි..කියලයි මට හිතෙන්නෙ.

සචී

රුදුරු වෙස් මවාගෙන
තෙමුණු ඇස් සඟවාන
හොරෙන් නෙත'ගින් බලා
නුඹ වෙතින් නික්ම යමි..

නිසි කල්හි නැවත එමි
මේ ලෙසින් පිළිණ දෙමි

-මීට මේඝා-

Jay

කාලෙකින් ඔන්න මං උනන්දුවෙන් කවියක් කියෙව්වා..
:D

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්