දුං මල

 .
මලින් පිරි සුදු පැසක් සොලවා අවට කොල්ලන් නැඹුරු කරවා
ඉත සිතින් නුබ යවා පුරවති දුම් කදක හද යෙහෙන් සොඳවා
දුමාරය මැද අතරමං වන තරුණ කැල සිය මනස වනසා
දමා ගත් කල කුමන සතුටද මිල පමණි නුඹ සදා තනිවා

නිවා දමමින් පුළිඟු කැබලිති පිඹිති අහසට මල් දුමාරය
උරණ තුරු උන් සිතති යහම්න් තමන් මේ ලොව මල් කුමාරය
නොමැත කිසිවක මෙලෙස සුවදෙන සිතන විට නුඹ අහෝ සෝකය
නැඟිටපන් මල පමා නැත නුඹ වැජඹෙන්න ඇත නුඹට කාලය

කොතෙක් සුරඟුන් පෑද ලීලය නොරැවටෙන් මල නුඹ දනිත් එය
මතක් හදවත තුලට ගත්තද පිටත් වූ අය නැවත එන්නැත
අහිමි වූවේ ඈට නුඹමය, නුඹට ඈ කිසිලෙස අහිමි නැත
නැගිටපන් අද අදම දිරිගෙන අහිමි නෑ බොට නුඹේ රන්හිත

7 ක් අදහස් දක්වලා.:

Pasan

ම්ම්ම්ම්.. නැගිටලම බලන්න ඕනි එහෙනන්.....

අවතාර්

උජාරුවෙන් උරන දුං මල
උත්තර දෙන්නේ උන්ගේ පපුවට
නියමයි ජය!

Anonymous

හ්ම්ම් අපූරුවට ගලපලා..

Amila Chathuranga

වැනෙන කැරකෙන ලොව නොවේ නුඹෙ අනාගත මායිම් තනන්නේ
දිවෙන දුවයන සමාජයෙ තව එකක් නොව දැන් නුඹ උරන්නේ
අනාගත දිවි මුදල් සැනසුම කෙලෙසදෝ නුඹ සරි කරන්නේ
අලුත් දිවියක් අලුත් දෙසකින් අරඹපන් මල් විසි කරන්නේ...

හිරු

උජාරැවෙන් උඹ උරන ඔය දුං මල
පුරවන්නේ මගේ පපුව
කැක්කුම දී රිදි රිදී
දුක් නැතත් අද හෙටට
දුකක් නොතිබෙයිද
හැමදාටම....

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්