ගියෙමි මඟුලකට
සියල්ලම සිනහසෙති නටති
මනමාලිය හැර
හඬයි ඈ මුවෙහි
ඉකියක් තබාගෙන
සහභාගි වුනෙමි
"අව" මඟුලකට
සියල්ලම සුසුම්ලති හඬති
මළමිණිය හැර
නිදයි ඈ මුවෙහි
සිනහවක් නඟාගෙන
සියල්ලම සිනහසෙති නටති
මනමාලිය හැර
හඬයි ඈ මුවෙහි
ඉකියක් තබාගෙන
සහභාගි වුනෙමි
"අව" මඟුලකට
සියල්ලම සුසුම්ලති හඬති
මළමිණිය හැර
නිදයි ඈ මුවෙහි
සිනහවක් නඟාගෙන
3 ක් අදහස් දක්වලා.:
හම්ම්..
වෙලාවකට මටත් හිතිලා තියෙනවා මගේ “ ඇත්තම” මඟුල මගේ “ අවමඟුල” ය කියලා... සියලුම ප්රශ්න ඉවර වෙන දවස....
අපි මේ ලෝකෙට එන්නෙ අඩාගෙන.. යන්නෙ අඩවාගෙන..
කාලෙකට පස්සේ පද වලින් නොකියවෙන දෙයක් අදහස ඇතුලේ කියවෙන පද පෙලක් ලියු එක ගැන ඔබට ස්තූතියි! මෙවැනි පෙනෙන නොපෙනෙන තැන් නිතර කවිකරණයට හසු වෙන එක ඇත්තෙන්ම ඔබේ කවිකරණය තුළ පහු ගිය කාලේ ප්රවණාතාවයක් ලෙස දකින්න නොතිබුණත් මෙවන් කවි වලින් එවන් තැන් මැකි යනව.
විලොමය ඒ තේමාවට මේ වචන මේ මතු කරන අදහස ඇත්ත ජීවිතේදි දැකලා තිබ්බත් මේ කියන කං ඒක විලෝමයක් නොවේද කියලා මට නං හිතුන්නෑ.
Post a Comment