කලකදි රස ලූ, කලකදී වහ වෙනවා ලූ...!

රට අසුරයින් ගෙන්  බේරා ගත් විට
රට වැස්සෝ තුටින් රජා හා එක්වී
අත් පොළසන් දුන් හැටි
තාමත් මතක ය..!

මම මගේ මතය ඔවුන් හා කී විට
අතීතය අමතක වී
මහරජා දත් මිටි කෑ හැටි ද
මතක ය.

අවි ගබඩාව අගනුවරට
ගෙනත් දර්ශනය කර වූ හැටි
මතක ඇතත්..,
බලන්න ආ උන්ට

රජා දත් මිටි කෑ හැටි
අමතක ය..

හැම දේම කරත් මට මම
කැමති දේ
කෙසේ කියන්නද මා මනාපය,
උන් අකමැත්ත, පාරාවලල්ලක් ව
මා පසු පස එනවිට..?

SRILANKA-MILITARY/

5 ක් අදහස් දක්වලා.:

Chanaka Aruna Munasinghe

හිටපු ත්‍රස්තවාදියා ඇමති වරයෙක් වෙත්දී හිටපු හමුදාපතිට නොවැදගත් ඇමති කෙනෙකුගේ ලේකම් තනතුරක්. චිකේයියා මහරජ

Anonymous

ඒක කොන්ඩම් තියරිය නේ....

Narada

කියනකොට එහෙමයි!
කරනකොට එහෙමයි!

කියන්න දෙයක් නෑ, ගොන්නුට නිලියන්ට ත්‍රස්තයන්ට ඇමතිකම් ප්‍රැජඩෝ ලැබෙද්දී හමුදාපතිට පරණ කාරයමමයි.

දුකා

උඹෙ මාතෘකාවම තමයි කියන්න තියෙන්නේ මචං . . කලකදි රහ, කලකදී වහ වෙනවා ලූ . . . !
අහෝ ඛේදයකි . . ඉරකි තිතකි . . . කිවාලු . . . !

චමිදේවා

අනේ අපිට මහරජාණන්ගෙම පිහිටයි.........

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්