සතිය

Safety Month - low res

මා පසුකර
මටත් හොරා
ඇඟිළි අස්සෙන්
රූරා යන,
කරන්න ට අපමණ වැඩ
තිබුනත්
ක්‍රියාවට විරුද්ධව
හඬ නගන,
ඒ ද මැසිවිල්ලෙන්
යටපත්වන,

හතරක් ගිය තැන
පඩි පැකට්ටුව නිසා
මතකය ට එන,
ඒ මදි වීම නිසා
අනාගතයට වෛර බඳින,
ආයිත් පෑ එකසිය හැට අටකට
පසු උදාවෙන
සත් දින කලස...!

තනිවුණු හබල

bost n paddle

නිමිත්ත: අමරසිරි පීරිස් මහතාගේ කවුරුවත් නෑ ගීතය අසමින් සිටි සැඳෑවක හිතට කාන්දු වුණු පද පෙළකි...!
ගීතය භාගත කර ගැනීමට මෙතැන ඔබන්න.

සදාකාලික නිවාඩුව
කකුල් දෙක
අද්දර ට එත්දී
මට ඉහලින්
ඇවිදියි
අලුතින් හැදුනු පාළම

ඇඟිළි වෙව්ලුවත්
වීරිය බිංදු
නොවේලුණු හිත
හබල ගන්නමයි
පෙරැත්ත

කොල්ලෑවට එන
ජල කඳ
මට්ටු කර ගන්න බැරි මට
හබලට එන
වතුර
හේබාන්නේ
කොහොමද
?

[ගෑණු] පිරිමි කම

z191075378

මේ...!
ඇයි...?
මොකෝ අපි එක්ක කතා නැත්තේ..? අපි කලුද..?
නෑ..! අලු පාටයි..!
ඔයාට මාව දැනෙනවද..?
නෑ. මගේ හදවත ගලක් වෙලා නෙව.
හ්ම්ම් ඒකත් එහෙමද..?
මගේ ළඟ තියෙනවා සැනසිල්ලක්..! ඕනෙද?
අනේ "හා..!"
මා එක්ක බුදියන්න වේවි.
ඒ මොකටද..?
සැනසිල්ල ගන්න.
බුදිය ගත්තම මොන සැනසිල්ලක්ද?
එහෙනං..?
කළ කිරීම් රොත්තක් එක්ක වෛරයක් එනව නෙව..!
එහෙනං මොකද කරන්නේ අපි..?
මොනා කරන්නද.., වෙන්වෙමු.. .
වෙන් වෙන්න අපි එකතුවෙලා හිටියැයි..?
එහෙනං බුදිය ගන්න හැදුවෙ මා එක්ක..?
ඒ ඔහේට සැනසිල්ල දෙන්න නෙව..!
බොරුකාරයා.!
වේසි..!
වේසි..? තොනෙ බොල මා එක්ක නිදිවදින්න හැදුවෙ..?
මම නිදිවදින්න හැදුවේ තොට සැනසිල්ල දෙන්න නෙව..!
එහෙනං මට වේසි කියන්නේ..?
මට තෝ එක්ක බුදියන්න නොලැබුණු හින්දා..!
හා....!!!
ඔන්න පැන්න..! දැං කියහං කවුද වේස කං කොලේ..? තෝද ..? මම ද..?

පාපය [ Sin ]

lip

ආසාවට
කොල්ලෙක්
අල්ල ගන්න
බැරි වුණ
පාපෙට
ඇදවුනු තොළ
තාම
එහෙමමයි
අවුරුදු
තිහක් තිස්සේ
මම

 

තනියම

පළිගැනීම

razor

නිමිත්ත: අතීතයේ සා/පෙළ අසමත් කළවරදට කරණවෑමියා පාසල් ගුරුතුමා මරයි.-පුවතක්

උසස් පෙළ ට
අසමත්
කළ
වරදට
කරගල ගාන
බාබරයෙකු
වුණ
කරුමෙට
ගන්න
පළිය
ගුරුතුමනි
උඹේ

බෙල්ල

ගහනය

gahanaya copy

පපුව වෙනුවට හදවත දන්දීමේ ප්‍රතිවිපාකය..!

avoid

"නිමිත්ත: ගනුදෙනු කරුවෙක් වෛශ්‍යාවක ට පෙම් කර එය නොලැබුනු සොවින් දිවි තොර කර ගනියි. -පුවතක්..! "

එපා...!
එපා කිව්වොත් එපා ම තමා
මම පස්සෙන් ගිහින්
ඉල්ලුවම
දුන්නේ නෑ...!
මම නැවතුනා ම
මගෙ පස්සෙන්
ඇවිත්
දෙන්න හදනවා

ඕක හදවතක්ද බොල..!

මම ඉල්ලුවේ පපුව
මොකටද දුන්නේ
හදවත..ඈ..?

මෙච්චට කල්
පස්සේ ආවේ
උඹෙන් ඒක ගලව ගන්න
බැරිවුණ නිසයි..!

මේ තනිහිත
මට දාහෙන් සම්පතයි
අප්පා...!

මස් බාස්කට්ටුව හා දිව

Minolta DSC

පයිප්පේ වතුරෙන්
මුව තෙමාන
දෙපස බලා
ඉදිරියෙන් ඇති
කෙන්ටකී මස් කඩේ දිහා
ඇස් කොනින් බලන
සඳ..,
රෝද ජෝඩු දෙකකින් විත්
තුන්දාහක් ගෙවා
ගත් මස් බාස්කට්ටුවේ
කෙස් ගහක් තිබූ
වරදට
පයිප්ප වතුරෙන්
තෙමූ
අයා ගත් මුව
ඉදිරියේ ම
අසල වූ කාණුවට
හැලූ හැටි දැක
වතුරෙන් තෙමා ගත් මුවේ
දිවට ලවන
රස දැනිණි..!

කලකදි රස ලූ, කලකදී වහ වෙනවා ලූ...!

රට අසුරයින් ගෙන්  බේරා ගත් විට
රට වැස්සෝ තුටින් රජා හා එක්වී
අත් පොළසන් දුන් හැටි
තාමත් මතක ය..!

මම මගේ මතය ඔවුන් හා කී විට
අතීතය අමතක වී
මහරජා දත් මිටි කෑ හැටි ද
මතක ය.

අවි ගබඩාව අගනුවරට
ගෙනත් දර්ශනය කර වූ හැටි
මතක ඇතත්..,
බලන්න ආ උන්ට

රජා දත් මිටි කෑ හැටි
අමතක ය..

හැම දේම කරත් මට මම
කැමති දේ
කෙසේ කියන්නද මා මනාපය,
උන් අකමැත්ත, පාරාවලල්ලක් ව
මා පසු පස එනවිට..?

SRILANKA-MILITARY/

ඔබ එන තුරු..,

පපුතුරෙහි සඟවා
හිත් උපන් ආලය
පල කලත් පෙම් වදන්
ලියා ගී සිතුවිළි

නෑසූ කන් ව සිටියේ
ඇයි මා හිමිදෙවි
මා ඔබ කෙරෙන්
ඈත්වේ යැයි බියෙන්

ඇඟිළි ගනිමී මා
සුසුම් ලන ආලය
ඔබ වෙනුවෙන්
පමා නැත තවමත්
මා තුරුළට වන්නට

මා ආදරය
ඔබට හැර
වෙන කාට මා
පුදන්න ද..?

waiting
Return top | ඉහත්තාවට නැවතත්