සකේ උගුරක පෙඟුණු මතකය

විජිනිපත් හිඩැසින්
බැලුම් ලන
ඔබද ඒ ගීෂාව
මගේ මත් ලොව තුල

සකේ උගුරක පෙඟුණු මතකය
ස්පර්ශකර එක වදනකින්
සලා යනවද විජිනිපත් සර
දසත මවමින් ඒ අතීතය

නොලැබ මතකය තුටින් සජ්ජිත
බමන මතකය පටලවයි සිත
සිහිනයකදී අතුරුදන් වූ
තුහින වැසි දිය බින්දුවක ලෙස

4 ක් අදහස් දක්වලා.:

hare :-)

යකෝ ෆැන්ට බීල මූ ලියන ඒව... විස්කි බ්‍රැන්ඩි ගහන උන්ටවත් දැණෙන්නෙ නෑනෙ...

Rachintha Jayawardhana

නියමයි මචං උපරිමයි! ජපානේ ටීවී එකෙන්වත් නොදැකපු විරහවන්තයොන්ටත් දැනෙන්න ලියලා තියෙනවා!

දුකා

මෙමරීස් ඔෆ් අ ගේෂා ෆිල්ම් එක යි මතක් වුනේ එක පාරටම.
අපූරුවට පද ගලපල ලිව්ව ලියවිල්ලක් . .
නියමයි බන්

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්