එකමත් එක රටක රජවරු


Disclaimer පහත කවි පෙළ සකල සිරින් පිරි අසන අසන ලෝසත සාධුකාර දෙවන්නා වූ අප ශ්‍රී ධර්මද්වීපයට සමකරන්නට තනනා සියල්ලෝම අපාගත වන බැව් දැන ගන්නවා යෙහෙකි. එසේ සිතන්නටත් උඩගෙඩි දෙන්නා වූ සියල්ලෝම විජාතික බලවේග වලට යටවී ධනවාදයේ සුප් කටු ලෙවන්නෝයැ.

King

උතුරු සලුවෙන් මුවා වූ
රතු පැහැ රු දුරු නයන
නොපෙනෙන්ට වසාගෙන
ධවල මල් වට්ටියට

සිවු පසින් වැටීගති
දෑ මුඳුන් කර පෙළට
රජිඳු අනුකරණයෙන්
සිත් ගනු රිසින් දනට

දරනු බෑ අවු රැසක්
කොමල ඒ දෙනුවනට
බැඳී ඇති Ray Ban
දඬු වැටක් ඒ වටට

අප මහා රජාණන්
ලෝ පහල වී ඇත්තේ
අපේ පෙර පින් මහිමෙ
බෙලෙන් වෙන අන් කිමට

ලෙසින් නොම නවතමින්
ඕසෙටම ගුණ කියත
රජිඳු නැති ඒ වගක
සිටි පිළිමයක ලෙසට

5 ක් අදහස් දක්වලා.:

Anonymous

මැක්සා...

ඉන්දික

නියමයි ලිෂා...

පබලු

අප මහා රජාණන්
ලෝ පහල වී ඇත්තේ
අපේ පෙර පින් මහිමෙ
බෙලෙන් වෙන අන් කිමට

ඒක හැබැයි හැබැයි හැබැයි :p :p :p

මාතලන්

සමාවෙන්න අදයි මේ පැත්තෙ ආවෙ..
ග්‍රේට්... පද වැල් ටික

Pathum Punchihewa

මචන් මේ ප්ලොට් එක මම අනන්තවත් දැකල තියෙනව සමාජ දේශපාලන බ්ලොග් පෝස්ට් අස්සේ. හැබැයි උඹ රජාට සහ වන්දිභට්ටයන්ට බණින කලාවට නව මානයක් එකතු කරලා මට හිතෙන්නේ. ක්‍රියේටිව්!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්