පාක්කුඩම් පඬුරු බැඳන් පොරොත්තුවක් මැද
යාල මැදින් පා තියනා ඉලංදාරි හද
ගිණි ලෑ සිත් කවුලු මැදින් කකියා රිදුනද
කද සුරිඳුන් වඳින්ට යයි දෙපයට වැඳ වැඳ
ඔකඳ දෙවොල් තුන් ලිප්ගල් අසල ගෙවෙන රැය
වල්ලි මවුන් මුරුගා දෙවිඳු පෙම් කතාව මැද
ආඬි ළිඳෙන් දෙවුණු දියෙන් මකවා තිබහද
කඳ සුරිඳුන් අප රැක ඇවිදයි පා ගමනක
දොළොස් මහේ පානට තෙල් දමා පැතුම් පතමින්
සුරබිදෙනක් විලසින් සිටිනා ඈ ගැන සිතමින්
පේවී පුන නූල දමා තිලක නළලේ තබමින්
ඇවිද ඇවිත් දෙමස පුරා බැතිබර ගී කියමින්
හරෝ හරා කියමින් අප තැන දුටුකල සැතපුම්
පෙරදා රෑ ගිණිලූ දර සෑ අතරින් ගොඩවල්
සැතපෙන්නට තැන් සොයනා අන්නවරු සමඟින්
කුඹුක්කං ඔයේ අසබඩ රැයක් ගෙවා දමමින්
එකම හදයි එක රුහිරුයි සැවොම එකයි සිතා
සැමට බෙදයි සැම වළඳයි එක පොංගල් පතා
සියක් සැතපුමක් දෙපයෙන් කියවන මේ දෙනා
එන වසරෙත් පා ගමනින් වඳියි සෙතක් පතා
4 ක් අදහස් දක්වලා.:
ලස්සන නිර්මාණයක් !!
සොදුරු කවි පෙලක් යාළුවා...
"එකම හදයි එක රුහිරුයි සැවොම එකයි සිතා
සැමට බෙදයි සැම වළඳයි එක පොංගල් පතා
සියක් සැතපුමක් දෙපයෙන් කියවන මේ දෙනා
එන වසරෙත් පා ගමනින් වඳියි සෙතක් පතා "
මරු!
මේ පාගමන මට නම් හිතෙන්නේ ගෝත්රික නියමයකට වඩා ජීවිතයේ වෙනසක් හොයන්න මිනිසුන් දක්වන කැමැත්ත මූලික කරගෙන ඉපදුනු එකක් කියලයි . .
කවි ටික අපූරුයි . .
ඒත් සමහර පද එකට නොගැලපෙන ගතියකුත් එනවා . .
පෝස්ට් කරන්න කලින් දෙතුන් පාරක් කියවලා ෆ්ලෝ එක නැති වෙන වචන තෝරගෙන ඒවට වෙන වචන ආදේශ කරන්න ට්රයි කරපන් . .
Post a Comment