අනේ මචං **සාර

මාලනි බුලත්සිංහලගේ "අනේ පුංචි කාලිදාස" ගීතයේ තාලයට ගායනා කරන්න.
අසා නැත්නම් ගීතය මෙතනින් ගන්න.
 
අනේ මචං නානසාර...
ගිරි පුප්පා කියන වීර කතා...
අහං ඉන්න බෑ...
මට වටරැක විජිත වෙන්න බෑ...

පත්තරයේ තීරු පෙළේ
රූපවාහිණී අතරේ..
තවුසන් තඩි ටෝක් දීදී...
නටයි ජවනිකා..
ජාතිවාදේ මනෝරංග සිහිනය නපූරුයි...

අනේ මචං නානසාර...
රජපවුලේ දෙටු කුමරුන්
එක්කලා හුරතල් වෙනහැටි
හරිම සුන්දරයි...

අනේ මචං නානසාර...
ගිරි පුප්පා කියන වීර කතා...
අහං ඉන්න බෑ...
මට වටරැක විජිත වෙන්න බෑ...

අනේ එපා වෙනස් වෙන්ට...
බොදු බලේ වැටේවි...
දෙකක් දාං කාරෙක එළවන්ට ගනීවී...
එහෙම උනොත් රජ මැදුරේ ගිනි ඇවිලේවී...

අනේ මචං නානසාර...
කාලය ඉගිලිලා යන්නේ...
වජ්‍රා අතේ තියෙන අයට,
එරෙහි නෙවෙන් බං...

අනේ මචං නානසාර...
ගිරි පුප්පා කියන වීර කතා...
අහං ඉන්න බෑ...
මට වටරැක විජිත වෙන්න බෑ...


Social Mechanism




අතීතයේදී
අතුරුදන් වූ බෝ දෙනා
ඉඳහිට හෝ
හමුවීමට නියමිත ව ඇත
එනමුදු අපට
ඔවුනව මතක නැත
අප හිතට
බලපෑම් කලවුන් හැරෙන්නට

වර්තමානයේ
හමුවීමට නියමිත බෝ දෙනා
අනාගතයේදී
අතුරුදන් වීමට නියමිත ව ඇත
එනමුදු අපට
ඔවුනව කෙටිකලකට
මතක සිටිනු ඇත
අප හිතට
බලපෑම් කලවුන් තරම් නොවුනට

සමාජ යාන්ත්‍රණය යනු එයයි.
Return top | ඉහත්තාවට නැවතත්