මස් බාස්කට්ටුව හා දිව

Minolta DSC

පයිප්පේ වතුරෙන්
මුව තෙමාන
දෙපස බලා
ඉදිරියෙන් ඇති
කෙන්ටකී මස් කඩේ දිහා
ඇස් කොනින් බලන
සඳ..,
රෝද ජෝඩු දෙකකින් විත්
තුන්දාහක් ගෙවා
ගත් මස් බාස්කට්ටුවේ
කෙස් ගහක් තිබූ
වරදට
පයිප්ප වතුරෙන්
තෙමූ
අයා ගත් මුව
ඉදිරියේ ම
අසල වූ කාණුවට
හැලූ හැටි දැක
වතුරෙන් තෙමා ගත් මුවේ
දිවට ලවන
රස දැනිණි..!

5 ක් අදහස් දක්වලා.:

Narada
This comment has been removed by the author.
Narada

අගනා නිර්මාණයක්.

ධනේචර සමාජයේ එක් සුළු සිද්ධියක් හා ස්ථානයක් වන පසුබිම් කරගෙන තවත් සමාජ කොට්ඨාසයක තවත් දරුණු සිද්ධියක් හා ඔහුට උරුම තැනේම වාඩි කර පෙන්වා දෙමින් ලොකු පණිවිඩයක් නේද දෙන්නට යන්නේ?

LishWish

@ මුචා හා පිස්සා: ස්තූතියි දෙන්නට ම..!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්