තනිවුණු හබල

bost n paddle

නිමිත්ත: අමරසිරි පීරිස් මහතාගේ කවුරුවත් නෑ ගීතය අසමින් සිටි සැඳෑවක හිතට කාන්දු වුණු පද පෙළකි...!
ගීතය භාගත කර ගැනීමට මෙතැන ඔබන්න.

සදාකාලික නිවාඩුව
කකුල් දෙක
අද්දර ට එත්දී
මට ඉහලින්
ඇවිදියි
අලුතින් හැදුනු පාළම

ඇඟිළි වෙව්ලුවත්
වීරිය බිංදු
නොවේලුණු හිත
හබල ගන්නමයි
පෙරැත්ත

කොල්ලෑවට එන
ජල කඳ
මට්ටු කර ගන්න බැරි මට
හබලට එන
වතුර
හේබාන්නේ
කොහොමද
?

4 ක් අදහස් දක්වලා.:

malee_msg

හරිම දුක හිතෙන හැගීමක් කවිය ඉතිරි කලා....

චමිදේවා

කවිය ගැනනම් නෙමෙයි කියන්න යන්නේ....
මචෝ තීම් එකනම් මට ඇල්ලුවා....අමුතු ගතියක් තියනවා......

LishWish

@ malee_msg : මම නිමිත්තේ යොදා තිබෙන ගීතය අහනකොට තමා මේ පද ටික එළිය ට ආවේ.

@ චමී.දේ.වා : හැමදාම එකම විදියට ඉඳලා බෑ නෙව. පොඩ්ඩක් වෙනස් වෙන්න හිතුනා. :)

ස්තූතියි දෙන්නාට ම..!

Anonymous

අන්න හරි උබ වෙනස් වෙනවා නම් මමත් සතුටුයි මචන් එක කරපන් උබට පුලුවන්

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්