අකුරු අඩු පෙම් කවිය

1812_no_love_without_love fire copy

එකතු කලෙමි බිඳෙන් බිඳ
ඇඟිළි අස්සෙන් රූරත්දීත්
රැකගන්නට මම
මගේ
අකුරු අඩු පෙම් කවිය ඇය

සුවිසල් ගසක මැරුණු කොලයක්
වී සෙවන දේ ඒ හිත මැද
සෙවනැල්ල වී ඇය
මතකය රැක ගනිමි මම
මගේ
අකුරු අඩු පෙම් කවිය ඇය

පාවී අන් ගසක සෙවනට
වැටුනත්
නොවේ වෙනසක් හිතේ මගෙනම්
ඒ සිතුවිල්ල රැකගනිමි මම
මගේ
අකුරු අඩු පෙම් කවිය ඇය

5 ක් අදහස් දක්වලා.:

Jay

මේක ඇත්තටම නියමයි, ලිශා..!!

Buru Babe

අපි හැමෝම ගාව තියෙන්නේ අකුරු අඩු පෙම් කවිද ලිශ්?

මටත් එහෙම හිතුනා මේක කියවලා...

වන්නි

කවිය ගැන නෙමෙයි කියන්න් යන්නේ. කවුරුහරි මගෙන් ඇහුවොත් මේ ලෝකේ පස්සනම බ්ලොගර් තීම් එක කාගෙද කියලා, මං කියන්නේ උඹේ එක කියලා...

malee_msg

ඒකත් මාරයි නේද බං..වෙලාවකට ලඟ ඉන්නවාට වඩා දැනෙනවා ලග නැති අය ගැන..

LishWish

Ansh► ස්තූතියි අසංකා..!

Buru► එහෙම වෙන්න ඇති අක්කේ.., ඒ අඩු පාඩු කුහර වලට නේ අපි ආදරේ පුරවලා මට්ටම් කරන්නේ

Kush► ස්තූතියි මචන්..!:)))

Malee► ඔව් සමහර වෙලාවට ළඟ ඉන්නකොට අගේ නැහැ. අගේ දැනෙනකොට ළඟ නැහැ..!

ස්තූතියි හැම දෙනාගේම කොමෙන්ටු වලට..! ජයෙන් ජය පතනවා..!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්