ඒ අපුරු හිස් වැස්ම

පැළඳ ගතිමි මා
ඒ අපූරු හිස් වැස්ම
මඳක් හිර නමුදු රුවා ගත් විට
සොඳුරු බවම පෙනෙන
යටින් සැඟවී ඇති
රුද්‍රු බව කිසිවෙකුට නොපෙනෙන

කලකට පෙර නිදහසේ තුටින්
සසර සරණ විට
තරුවකින් බට දෙවුලියක හිටිවනම
මට
දුන්නෙහි රුවා පෙම් හාදු විදින

ගෙවා දිවි තුටින්
සසර සරණ විට ඈ සමඟ
දිනෙක සන්ධ්‍යාවක
මා සයනය මත තිබී හමුවිය
හිස් වැස්මක්
ඈ හිසට පමණක් ම ගැලපෙන

Stammer's Lamentation


ලියනා කවියට - ගයනා ගීයට 
ලොල් වී මා - පසු පස ආවට

කතා කල සැන - කිමැයි දැන ගත් කල
ගිය ලෙසට ආපසු - නොඑන බව දැනුනම
සිතුනා දුක මහා - මෙරක් තරමට

උපතින්ම වූ කරුමෙට - මමත් අකමැති වුවට
මක්කරන්නද සොඳුරිය - නුඹට පෙම් කෙරුවට

විකල වුයේ මුව ම පමණක් බැව්
කෙසේ නම් තේරුම් කරන්නද?

පෙම්කරමි

ආදරය මෙතරම් අරුමක්කාර යැයි නොසිතුවෙමි
දැකුමත් සතුටක් වන අරුමය ම අත්විඳිමි
ඔබෙන් ලබනා පෙම්වදන් පිලිගනිමි
නුඹ පන්හිඳෙන් ගිලිහෙනා අකුරටත් පෙම්කරමි

~මම~




සේයාරුව අන්තර්ජාලයෙනි | කවිය මගෙනි 

අපි, සුසුම් හා අන් අය

අපිට අපි  ගැන කතා කරන්නට
වෙලාවක් ඇත්තෙම නැද්ද
අපිට අපේ නොවන අය ගැන
කතා කරනවා හැරෙන්නට

හිස රිදුම් මතක  වේදනාවන්
ප්‍රේමයත් සමඟ මුසුව රිදුම් කරන කල
කොහේ කවදා කරම්ද පෙම් වත් කතා
දෙපසට වී සුසුම්ලනු මිස

බක් මස, 2012දී ය.

Return top | ඉහත්තාවට නැවතත්