මහංතත්තේ යෝධ ලොකුකම්
එක්ක තනිවූ වලවු ජීවිත
අස්සේ රන්දම් වැලින් සැරසුනු
සුදු පරෙවියන් එමට තව ඇත
අප්පෝ හාමුය මුහන්දිරමට
ගරුව සරුවට සලුව පහලට
දමනු දැක උද්දච්ච කම්පිට
ඉන්න කල් උන් කරුවලේම ය
නොමැති සෝකය උඩට එනවිට
කුඩා පැල මහ ගසුත් පසුකර
කලින් හිටිතැන අමතකම කර
ගියොත් උඩ වැරදෙන්නේ උන්ටය
හිතට ගෙන මේ ලෝක සත්‍යය
පැවතුනෝතින් ගුණය ලෝකෙට
එමම නොමවී පැවතුනෝතින්
යුගාන්තයකට යැවේ ලෝකය
මේ කවිය ධනුෂ්කා නිශාදි විසින් මුහුණු පොතේ රචිත කවියකට පිළිතුරක් ලෙස ලියැවුණකි.
4 ක් අදහස් දක්වලා.:
ධනුෂ්කා අක්කගෙ කවිය දැක්කෙ නම් නෑ. ඒත් මේක ඇත්තයි. "නොමැති ශෝකය" කියන එකෙන් අදහස් කරේ අඩු පාඩුවක් නැතුව කියන එකද? ඒක පොඩ්ඩක් තේරුං ගියේ නෑ. කවිය මරු. රිදම් එක ඉස්සර ඒවගෙ වගේ උනාට, උඹ වෙනදට කවියක් ක්ලියන විදියෙන් වෙනස් වෙලාදත් මන්දා. ඒකත් හොඳයි!
අනේමන්ද දැන් නම් වලව් රටේ මහත්තුරුත් නෑ නෙව...
නිකම් අපේ චූටි මහත්තයා ලිව්වා වගේ...
මාත් කැමතියි ධනුකාගේ කාවිය කියවන්න.
රචියා කිව්වා වගේ ඉස්සර කවි වලට වඩා මේක වෙනස්...
හැබැයි මම නම් වැඩිය කැමති අර පරණ ස්ටයිල් එකට.
Post a Comment