සුරංගනාවී. . .

emo-g

ඉස්කූටර තුරඟා පිට
පෙළහර ලන
කුමරා දැක
හද තැලුණි ද මගේ පුංචි සුරංගනාවී

උපතින් ලද
තටු යුවළද
අමතක කර තුරඟු පිටට
ඉගිලෙන්නට යන්නේ ඇයි නුඹ අහසේ බව දැන දැන

ආදරයෙන් ඔකඳ වෙලා
මල් පෙති ගත තලා පෙලා
බඹර කුමරු යන්න ගියත්
පාරමිතා පුරනු එපා මතු නොම එන කුමරු පතා

ඉරුණු තටු පිරියම ට
ආදරාලේපය ට
තැලුණු සිත සදන්නට
හද රළුය දරුණුව ට

කැඩුණු තටු අකුලගෙන
අහිමි පෙමට බඹුන් වඩා
ඔද්දල් හිත තව තලෙන්න
ඉඩ නොදෙන්න මගේ පුංචි
සුරංගනාවී. . . .

8 ක් අදහස් දක්වලා.:

Anonymous

ආදරාලේපය... මට නම් අලුත් වචනයක්, ඒත් තේරුමනම් නියමෙට තියෙනව. ඒකත් නියම වැඩක් තමන්ට ඕන වචන හදන් ලියන එක....
maxxa....

C4

මට මෙ කවිය තියවනකොට මතන් උනා අතුල කියන විසිරුණු මල් පෙති දොතට ගත් බොළදි කියන ගිතය හොද නිර්මාණයක් ලීෂාන්

LishWish

ස්තුතියි දෙදෙනාට ම. ඔබෙ අදහස් මා ඉතා අගය කරන අතර, ඒවා මා දහස් වර දිරිමත් කරවන සුළුය.

Narada

නියමයි කව්ය! සුභ පැතුම්!

gayandinusha

කියන්න දෙයක් නෑ.......... එල තමයි..

cHaRiThA

හරිම ලස්සනයි...

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්