වැදගත්► සේයාරුවේ අයිතිය චමිල ඩී අල්විස් සතුය. ඉහත සේයාරුවේ මොනයම් හෝ උපුටා ගැනීමක් ඔහුගේ අනුදැනුම මත ම විය යුතුය.
අතීතය ඉදිරියෙන් වර්තමානය පා නැඟීම.
සුළඟ
වෙනදාට සනසවා
හමන නුඹ
අද පමණක් නාවේ
කිම..?
උරහිස් අකුලා දෑත් බැඳ
සිටින සඳ..,
මට සිසිලක් දෙමින්
මා පසුකර
හමා යන සඳ
නුඹ වෙනුවෙන් ම
මම
සියලු බැඳීම් ළිහිල් කර
සිටින සඳ,
මා සනසවන්නට නාවේ
කිම
?
පසු කියැවුම
නුඹත් මා පෙම්වතිය වැනිවී
නූමනා කල ළඟින් සිටිනා
ඇවැසි කල අස සේයාවකුදු නැති
කොලයක්, දරුවෙක්, මවක් හා කඳුලක්
නිහඬවම
තුඩගින් කැඩී
ලොවට බර නැති
ලෙසින් පාවී
වැටෙයි හෙමිහිට
දිවියේ අවසන
තේරුමින් ගෙන
විලස වියැලුනු
කොහොඹ කොලයක්!
මවු සමඟවිත්
උයන් කොණ හිඳ
නටයි දුව පැන,
පෙර නොවූ ලෙස
නැවති එක තැන
කොහොඹ ගසෙකින්
වියැලී බිම වැටි
කොළ ඇහිඳ ගති
උයනේ සිටි එක
කුඩා දරුවෙක්!
පෙර කලෙක
ඔහු සමඟ දවසක
කල කතා මැද
හිස්වූ සිතිවිලි
ගෙවෙන තුරු
ඒ සොඳූරුකාලය
කොහොඹ කොල
වියලවා පොත් මැද
එකතු කල සැටි
මතකයන් ලෙස.
මතක කරවයි
වියෝ දුක් මැද
කොහොඹ කොල හා
කෙලින පුතු දැක
අසල සිටි එක
තුරුණු වූ මව!
අහිමි පෙම
මතකයක රඳවා
ඒ මතක
පුතු මතම වියලා
ප්‍රේමයේ කලු
මතක මැද්දෙන්
නැඟී නුවනත
පෙර නොවූ ලෙස
රුදු මතක මැද
තනිවූ කඳුලක්!
පරණ රූ රැජිණ
හරෝ හරා...
පාක්කුඩම් පඬුරු බැඳන් පොරොත්තුවක් මැද
යාල මැදින් පා තියනා ඉලංදාරි හද
ගිණි ලෑ සිත් කවුලු මැදින් කකියා රිදුනද
කද සුරිඳුන් වඳින්ට යයි දෙපයට වැඳ වැඳ
ඔකඳ දෙවොල් තුන් ලිප්ගල් අසල ගෙවෙන රැය
වල්ලි මවුන් මුරුගා දෙවිඳු පෙම් කතාව මැද
ආඬි ළිඳෙන් දෙවුණු දියෙන් මකවා තිබහද
කඳ සුරිඳුන් අප රැක ඇවිදයි පා ගමනක
දොළොස් මහේ පානට තෙල් දමා පැතුම් පතමින්
සුරබිදෙනක් විලසින් සිටිනා ඈ ගැන සිතමින්
පේවී පුන නූල දමා තිලක නළලේ තබමින්
ඇවිද ඇවිත් දෙමස පුරා බැතිබර ගී කියමින්
හරෝ හරා කියමින් අප තැන දුටුකල සැතපුම්
පෙරදා රෑ ගිණිලූ දර සෑ අතරින් ගොඩවල්
සැතපෙන්නට තැන් සොයනා අන්නවරු සමඟින්
කුඹුක්කං ඔයේ අසබඩ රැයක් ගෙවා දමමින්
එකම හදයි එක රුහිරුයි සැවොම එකයි සිතා
සැමට බෙදයි සැම වළඳයි එක පොංගල් පතා
සියක් සැතපුමක් දෙපයෙන් කියවන මේ දෙනා
එන වසරෙත් පා ගමනින් වඳියි සෙතක් පතා
නුඹේ මතකය මතින් නැඟිටිමි

කියල දෙන්නම් කියා කරනට
එදා සයනයේ කියලා දුන්නේ
රතිය මිසක වෙන කිමද හිමිසඳ
පිරිමැද අතින් පොපියූ දෙතොල්
පෙමින් සිප ලැම ආදරෙන්
ඇසූ කල කිමැ පෙම යනු
නැඟිට ගියේ කිම සයනයෙන් නුඹ
ඕනේ නැති විට යැවුමත්
යළිත් එන විට ඉඳුමත්
නුඹේ දාසිය මමද හිමිසඳ
රැවටි සිටියේ නුඹේ මිල දැක
රක්ත පොල්කා තිත් පිරි සයනේ
සැමදා නුඹ හා වැතිර හිඳිමිනේ
වදන් සමඟින් පොර බදා මම
නුඹේ මතකය මතින් නැඟිටිමි
එකමත් එක රටක රජවරු
Disclaimer ► පහත කවි පෙළ සකල සිරින් පිරි අසන අසන ලෝසත සාධුකාර දෙවන්නා වූ අප ශ්‍රී ධර්මද්වීපයට සමකරන්නට තනනා සියල්ලෝම අපාගත වන බැව් දැන ගන්නවා යෙහෙකි. එසේ සිතන්නටත් උඩගෙඩි දෙන්නා වූ සියල්ලෝම විජාතික බලවේග වලට යටවී ධනවාදයේ සුප් කටු ලෙවන්නෝයැ.
උතුරු සලුවෙන් මුවා වූ
රතු පැහැ රු දුරු නයන
නොපෙනෙන්ට වසාගෙන
ධවල මල් වට්ටියට
සිවු පසින් වැටීගති
දෑ මුඳුන් කර පෙළට
රජිඳු අනුකරණයෙන්
සිත් ගනු රිසින් දනට
දරනු බෑ අවු රැසක්
කොමල ඒ දෙනුවනට
බැඳී ඇති Ray Ban
දඬු වැටක් ඒ වටට
අප මහා රජාණන්
ලෝ පහල වී ඇත්තේ
අපේ පෙර පින් මහිමෙ
බෙලෙන් වෙන අන් කිමට
ලෙසින් නොම නවතමින්
ඕසෙටම ගුණ කියත
රජිඳු නැති ඒ වගක
සිටි පිළිමයක ලෙසට
කුඩම්මා
පෙම් කැල්මක් නිය අගින් කොනිත්තා
එන්නත් කරනට දෙනවද අවසර
සිතුවිලි ගඟුලක කවිකම පුබුදා
ගයපන් ඒ බව සිහිනය අසබඩ
හතලිස් ඇඳිරිය දොරට වඩින තුරු
ඉලත්තට්ටු මේසෙට වඩිමින්
ලොකු අක්කණ්ඩිගේ බහට වහල් වී
දෙවැනි මවුන් වී හට දරුවන්
කෝමල රේඛා වියැකී යාවී
නර කෙස් කැල ගා මුකුලු ලමින්
ගෙයි මුල්ලේ හැමදා තනිවේවී
අතගත් අයෙකුත් නොමැති හෙයින්
සක්කර aka “womanizer”
සක්කර පුක උණු වෙන්නේ
ජංගි දුකක් දැනූ කලෙක
ඈ සක්කර බූරු පුතෝ
ඇයි අකමැති පිරිමිකමට
අත්තම්මගේ බුදු බණ පොතේ
තිබ්බා මේ වග සත්තයි
සක්කර පොලවට බැස්සේ
තෙවරයි ඒ ජංගි නිසයි
අනේ ඉතින් කා සරණද
අසරණ අපි පිරිමි හට ම
දෙවු සභාවේ අධිපති දෙවි
womanizer උන නිසාම
මෙච්චර හිත උණුවේ නම්
යවමුද සක්කර හට අපි
Naughty America අක්කලා
Bang Bro's වරු එක්කලා
frio (සීතල)
ළඟ නැති කල අගය වැඩිවුනී
සැනසූ පෙම කොහිදැයි සිතමීනී
අත් අතරින් ගැලූ ඒ කල මතකයට නැගී
මා නිසා තනි වූ නුඹ කොහිදැයි සොයමී
හදවත තුල ගැසූ කරණම් සිතින් විඳිමීනී
නුඹෙන් හිස්වූ හදවත තවමත් නොපිරිණී
තෙවසරකට අහිමි ඒ පෙම ගැනම සිතමිනී
කවදා හෝ නොලැබෙන නුඹ ගැන සිතා වැළපෙමී
නිදහස් කරනු මැන මා මේ වේදනාවෙන්
නුඹ ගැන මා තුල පවත්නා ඒ මතකයෙන්
අකුණකට පෙම්බැඳි ඒ කල ගැන ප්රහර්ශයෙන්
මතකයට නැගි සැනින් අමතක කරමි මතකයෙන්
අතර පර තරය
මහංතත්තේ යෝධ ලොකුකම්
එක්ක තනිවූ වලවු ජීවිත
අස්සේ රන්දම් වැලින් සැරසුනු
සුදු පරෙවියන් එමට තව ඇත
අප්පෝ හාමුය මුහන්දිරමට
ගරුව සරුවට සලුව පහලට
දමනු දැක උද්දච්ච කම්පිට
ඉන්න කල් උන් කරුවලේම ය
නොමැති සෝකය උඩට එනවිට
කුඩා පැල මහ ගසුත් පසුකර
කලින් හිටිතැන අමතකම කර
ගියොත් උඩ වැරදෙන්නේ උන්ටය
හිතට ගෙන මේ ලෝක සත්‍යය
පැවතුනෝතින් ගුණය ලෝකෙට
එමම නොමවී පැවතුනෝතින්
යුගාන්තයකට යැවේ ලෝකය
මේ කවිය ධනුෂ්කා නිශාදි විසින් මුහුණු පොතේ රචිත කවියකට පිළිතුරක් ලෙස ලියැවුණකි.
සිතුවිලි නැති හිත
අනපේක්ෂිත
ගුරුවර
සුභ රාත්‍රියක් මිත්‍රයා..!
දල්වා නොම පතමි එතෙක් |
අක්කී
ආදරේ ඇහැරවා නිදන නුඹ
වෙනස
සකේ උගුරක පෙඟුණු මතකය
"සාපේක්ෂ" ප්‍රමාණය

ම්ම්...?
ඔය ඕක දෙන්න
බෑ මට ඒක ඕනේ
ඕක මට දීලා
මේක අතනින් තියාගන්න
බෑ ඒක
ලොකු වැඩියි
ඒ කියන්නේ ඔයාට
මේක එපා...?
නෑ...
එපා නෙවී
මේක මට ලොකු වැඩියි..,
හරි කමක් නෑ
මට ඕක පෙන්නන්නමේකයි
මගේ එක ලොකු නිසා තමා
ඔයාගේ එකට ගැලපෙන්නේ
මේ තරමට හරි..,
හරි තාම මට
ඔයාගේ එක පෙන්නුවේ නෑනේ
අහ්
ආ...ආ... මෙන්න
දෙවියනේ
මේක තමා මෙච්චර කාලෙකට
මම දැකපු
ලොකුම
හදවත
වෙණ(න) නද
නවක නිළියගේ පාපෝච්චාරණය

සලුපිලි උනා ලන්නට
අණ දුන්නත් නැත්ත්
මම හිටියේ
ගලවන්නමයි..,
බලකරනවට වඩා හොඳයි නේ
මම කොරන එක
ඒත් ඇයි පුදුම වෙලා..?
අමතකද..?
ක්ලෝසප් ගන්න
දුන්නොත් සිනමාවට ගන්නවැයි
කීව වග..?
අප්පච්චී අපිව හැදුවේ
ලැජ්ජ බයට උනත්
රූපේ ලස්සන නිසා
ගලවෙන්න බැරිවුනා නේ
වල් වහතු ඇස් වලින්..,
පඳුරක් පඳුර ගානේ
තලන්නට ගත්තට පස්සේ
තව රකින්න දෙයක් නැති නිසා
දුවේ
"උඹ සිනමාවට ම පල"
කියලා තල්ලු කරාම අප්පච්චී..,
මම කෝමැයි
නෑවිත් ඉන්නේ
අනික,
මේ තරමට ජනප්‍රිය වෙන්න
ඔබතුමාට කියන්න
කීදෙනෙක් ගේ අඟේ රඟේ බැලුවද?
රජා, රාජ පුතා, ඉඳන් ගෙදර
ගෙදර මිනිහට වෙනකල්
එල්ලලා ආපු ගමන දුර මදිද?
ඒත් අනේ පත්තරේ අයියලාට
මම ආදරේ කියන දේ
දන්නේවත් නෑ ඕං!!
මතක සුවදෙන
ජීනා මැඩම්
නිමිත්ත► ජීනා අත්අඩංගුවට., තමාව නිදහස් නොකල හොත් ඉහල තනතුරු හොබවන රජයේ වගකිවයුත්තන්ගේ තොරතුරු හෙළි කරන බව පවසයි. -පුවතක්.
මහ ලොකුවට කෙල්ලන්ගෙන් |