මම දකිමි නුඹව
එපා හීනය බොඳව යන්නට මනස්කාන්ත ය පුදුමය.
ජීවිතයට කමටහන් දුන් මනස්කාන්ත ය පුදුමය.
පොරොත්තුව ද ඔබය මා සැමදා පෙම් කල මනස්කාන්ත වූ පුදුම වූ…
|
මනස්කාන්ත ය පුදුමය
(අ)සරණ
අභිසාරිකාශ්රමයක…,
දෙදෙනාතර හිස්තැන නම් ගව්දුරකී
බලු පොරය තුල අපව කොයිබට...?
හාදුවට ඉඩ දෙන්න

ඉඩ දෙන්න හාදුවට
දෙතොල් මත සැතපෙන්න
ආදරේ බිඳක් වත්
මොහොතකට තැවරෙන්න
කියන්න ට ඇතත් දේ
කෙසේ කියමිද මෙලෙස
දරන්න ට බෑ බැල්ම
පොපියවයි මා දෙතොල
අවට ලොව බොඳවිය
අප ම පමණක් විය
තොල් එකට යාවිය
මැදට තිරයක් විය
(image courtesy W3Lanka )

පාරමිතාව

සිනහා වෙන දෙස බලන්න
ලොව දකින්න සතුටු වෙන්න
හදට හදක් මට කොයින්ද
පෙර කල වරදට දුක්වෙන
හතරට පැලි මා තුන් හිත
සනසවන්න සතපවන්න
වළලු අතක් දැන් කොයින්ද
හිත අද්දර ඇන තියාන
කාංසියට පැල් රකින්න
පිං කරනෙමි මං මතුවට
මට නැතිවූ ඈ ලැබෙන්න

ආදරවන්තී | දිව්‍ය කුමාරී

හදවතට
හිත මිටිකරන්
සැතපෙන්න
මා ළඟ සුවෙන්
ආදරවන්තී, දිව්‍ය කුමාරී
හිත
බස් රියේ නැගි ගමන්
හොයනව
හද කොහේ කියා මං
ඔබ ගෙනිහින් මා දිව්‍ය කුමාරී
කොතරම් කියා
මා දෙඩෙව්වත්
හිත ඔබ නැතිව හරි තනිකමින්
යළි නොමඑන්නී ආදරවන්තී
හිත දෙන්න
ඔබ තැබු තැනින්
තනිවෙන්න
මට දැං හිතින්
ඔබ ළඟ නෑනේ දිව්‍ය කුමාරී

එදා ලියූ කවි අද...?

[මේ අපෙ හිතවත් කතන්දරකාරයා පෙම් කවි ලියූ අයුර ගැන කියවමින් හිටි වේලාවේ හිතට කාන්දු වුණු පද පෙළකි.]
ලියන්න ඇති
කවි ටොන් ගානක්
දකින්න ඇති
හීන විමානයක්
ඒත් අද...,
මම කවි ලියූ
බාලිකාවියන්
ඇරෙන්න
ඒ කවි
ටීනේජර් අකුරෙන්
ලියපු
පරණ
පොත් ටික
විතරක් තාම
මා ලඟ

මව්වත් දුක

බැටරියට එක්කර
බල්බය තැබූ සැනින්
ආලෝකමත් විය
මා පුතු
මුව
අම්මේ මේ
යැයි පවසමින්
මා මට පෙන්වන්න ට
තනන්නී
වාරු නැති
අත් පා ළපටි
සලමින්
නැගිණ කඳුලක්
නෙතට
මා පුතු මේ
තනන්නේ
ඕ අනාගතය
නේදැයි
කියා
මට
එළි කරන්න ට
නො හැකිවුණු

ඈවරයි දෑවරයි තුන් ඈවරයි

ලී මිටියෙන්
මේසේට තලනකොට
ලේරහ උගුරක් එක්ක
ජීවිතේ තව තවත්
ඔද්දල් වෙනවා
මයේ
දෑහැ ඉස්සරහා ම
මගේ අණින්
මයේ දරුවගේ
දේපළ
වෙනවුන්
කේවල් කරන කොට

සතිය
තනිවුණු හබල
නිමිත්ත: අමරසිරි පීරිස් මහතාගේ කවුරුවත් නෑ ගීතය අසමින් සිටි සැඳෑවක හිතට කාන්දු වුණු පද පෙළකි...! |
සදාකාලික නිවාඩුව ඇඟිළි වෙව්ලුවත් කොල්ලෑවට එන |
[ගෑණු] පිරිමි කම
පළිගැනීම
නිමිත්ත: අතීතයේ සා/පෙළ අසමත් කළවරදට කරණවෑමියා පාසල් ගුරුතුමා මරයි.-පුවතක් බෙල්ල |
පපුව වෙනුවට හදවත දන්දීමේ ප්රතිවිපාකය..!
"නිමිත්ත: ගනුදෙනු කරුවෙක් වෛශ්‍යාවක ට පෙම් කර එය නොලැබුනු සොවින් දිවි තොර කර ගනියි. -පුවතක්..! " |
එපා...! මම ඉල්ලුවේ පපුව මෙච්චට කල් මේ තනිහිත |
මස් බාස්කට්ටුව හා දිව
කලකදි රස ලූ, කලකදී වහ වෙනවා ලූ...!
ඔබ එන තුරු..,
ආදරේට කියන කතා
සුන්දර මුව පොඩියෙන් ආදරේ | සලන්න |
හැමදා සඳලුතලෙන් ඔබෙ රුවම | දකින්න |
මට ඔබ දිහා බලා පාරමී | පුරන්න |
අමාවකේ මා පුර හඳ...
පර්යාය
ස්වප්නය
අනර්කලියාව
පොත් අතර හිරවූ ලව...........,
එයා ඔයා හා මම
පහත තියෙන්නේ මගේ ප්‍රාණ සරි මිතුරන් දෙදෙනෙකු අතර ගූගල් චැට් එකෙදි වුණ දෙබසක්.. මේක කියවලා බැලුවම, අමුතු ගතියක් තියෙන නිසා රස නොනසා එලෙස ම ඔබ උදෙසා පල කරන්න හිතුවා. බලන්න ටිකක් නිකමට වගේ...,
අරයා කොහොමැයි?
සති දෙකකට නෙට් එන්න වෙන්නැ කිවුවා එයා "චාටඩ්" කරනවා
පව්
අහිංසක කෙල්ලක්
මගේ බොක්ක උනුවෙගන එනවා
ආහ්
බලාගෙන
වහිවි
පඩුපුල් ආසනේ උණුත් වෙලා
දෙයියා අඩන්න ගත්තොත් වැස්ස වගේ කඳුලු එවි සෑර්
එතකොට....,
එයාටත් තෙමෙන්න වෙයි
එතකොට පව්නේ එයා
තෙමුණ ඒක ගැන අහං ඉන්න වෙයි
එතකොට පව්නේ ඔයා
එයාට කිව්වාම එයාටත් මතක් වෙවි අතීතය
ඒ අතීතේත් පව්... නේ ?
එදා කල කී දේ අද බොඳ වෙලා හින්දා
එතකොට එයාත් අඩාවි
මට පිස්සු
මට පිස්ෂු
මට පිෂ්ෂු
(ආන්න හරි.., ඒත්...., කෝ වෙරෝණිකා...?)
අපි දෙන්නාම එකට අඩමු එතකොට දුක අඩුවෙනවා
අතීතේ එයාට හැමදේම කියාවි හාර අවුස්සලා
එතකොට එයාට ඇඩෙනවා
හික් හික් හික්
ඈ ඈ ඈ ඈ.....
එයා ඔයාට කියනවා ඒක
ඔයායි එයායි අඬා අඬා කියනවා මට
අහන් ඉඳලා අඩන්න ගන්නවා මමත්
බුහැ බුහැ බුහෑ..... .
සිරිමති විමල් මැති
නිමිත්ත: විමල්ගේ රෝල් මාරු වේ; ෆන් රසය බී සෞන්දර්ය උපාධිධාරීහු උපවාසය නිමවති.
(2009 අගෝස්තු 21 - W3Lanka )
ෆන් රස පොවති පෙර සිටි විමල් මැති සීනුවෙන් මුක්ත වුනි |
ෆාතිමා
ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපිද |
කැමැත්තට ඇල්ලූ පොර
මේ වන විට උතුරේද, ඌවේ ද මනාප පොරය අවසන් වී ඇත. දත් විළිස්සාගත්තෝ කටවුට් වලින් බැස. තමන්ට [බලු] පොරය ට වියදම් වූ මිල පියවා ගන්නට බලය ලැබෙන තුරු මාන බලති. මේ උන් ගැන ලියැවෙන පද පෙළකි...
උතුර දිනති , දකුණ දකිති හෙන්ඩුව ඇති , අලියා නැති කතිරය වෙති , පෙර පින් ඇති |
අවසන.., සමාජය මට "..."වාදියා කීහ.....!
රාහුව
පන් විසි වසක් අනාගතය නොනගතය හා අතීතයේ වර්තමානය අතීතය, වර්තමානය අනාගතය |
බංකොලොත් තාරුණ්‍යය..
ඔහුගේ ස්කිනිය srilankan ය ඩෙනිම levi'sය ඔරලෝසුව citizen ය නිතරම අතේ සෙල්ෆෝනයකි බහින්නේ crescat ය |
අහිමි පුතුනි මේ අසපන්
නිමිත්ත: දසමස කුස දරා ජනිත කරන ලද තම පුතු කුරිරු ලොව විසින් පාපතරයෙකු හවට හරවා.., අවසන සමාජය විසින්ම ප්‍රතික්ශේප කර වෙඩි තබා මරා දැමීම.
[පාතාල කල්ලි නායක ආනමාළු ඉමිතියාස් වෙඩි තබා මරා දමයි..! - ලක්බිම 10.07.2009 ]
පොඩිත්තියේ…..,
අතේ තියෙන මල් |
මගේ ම වී සිටි….., ඔබ
නිර්වින්දනයේදී අතහැර යාම..
දෑත බිම ඔබා ජීවිතය
යදින්න
පස්ස ට වාරුවී
ඒ දෙස බලන්න
නිහඬව උන් ඔබේ
ලිහිල් කෙස් රොදක්
මා මුහුනේ
නොහැපුනේ ඔබ මට ඉදිරියෙන් හිටි
නිසාද
මා ඔබව හැරයද්දිත් ඔබ නිහඬව
මා දෙස යදිනා ලෙද සිටියේ
ආදරය පතා ද?
මොහොතක ට
මා හදවත නිර්වින්දනය විය
දෑස හැර බලන විට
ඔබ අතින් වැසිය හැකි තරම් කුඩා තිතක් විය..
පසුව නොපෙනී ගියේ ය.
[රූප අනුග්‍රහය: මූණු පොතේ I Miss You කණ්ඩායම් ආකෘති පතේ ඇති රූ කළස කින්.]
අන් සතු (මා) රුව
[එළි] පෙහෙළිය.
අක්ෂර වනයේ අතරමංව - මඟක් සොයාන යන කල
දුටු එකම ගැලවුමයි - ඒ ඔබේ ජාතක පොත
හදට වදිනා අදහස් තුල - පන්හිඳෙන් විසිරෙන පදරළ
එකට එකවී තිතක් වේ - අවසන මාගේ කොලය උඩ
ලියන්නට ගත්තත් - සහස් දේ තිබුනත්
ගොණුවන්ට බෑ සත්තමයි - තරම් විසල්ය ඔබ වදනක්
සෙත්සිරි දෙන මහා ආදරයෙන් - සත් හට වන ඔබ කරුණාවෙන්
සොයමි මා තවමත් - සිත් ගණදුරු නොවූ ඔබ වදන්ක්
අරුමැසිය මා හදවත - ඔබ තුලට මා වන කල
කවීත්වය අමර වූ කල - මැරුම් කයි මා ගිලන් වූ ගත
( අභි ) රුසිරු ලිය
මෘදංග වද්දන
හදංග රිද්දන
නෙතංග කැල්මෙන
රුවැත්තියේ. . .
වේදිකාව මත
නලවන ඉඟසුඟ
මද්දල තාලෙන්
රඟන්නියේ. . .
මිදි කෙසෙල් ද කා
මදුවිත තොල ගා
සවුදිය පුරමින්
බලන්න මේ
රංගන අවසන
පැද්දෙන ඉඟසුඟ
කුමරුන් යහනට
ප්රවිශ්ට වේ. . .
න්‍යශ්ටික ලොව තුළ නශ්ඨ වූ පෙම
විදුහල් දෑත මත | |
ලයිලා මජ්නූ සාලිය අශෝකමාලා | |
පනනගියි කුකුසක් | |
ලොකු දෙ ක්ෂය වී | |
අනාගත ලොව |
සිතැත්ති
සුමුදු ඇඟිළි තුඩු තෙපුලන
මිරිවැඩියෙන් තාල සලන
නිතර සිනා කිණි සොලවන - සිතැත්ති
විජිණිපතින් පවන් සලන ඔබයි මගේ රුවැත්තී
තරිඳු එලිය ඔබට ගුණයි
පෙම් ගීයට නම් කදිමයි
වළලු හඬ තාල සරට ගී - පබඳන්න
මේ ලොව ඇති වචන මදී මට බෑ ඔන්න
හද නුඹටම ඇරේ තියේ
සඳුන් සුවඳ දැවටී යේ
තත්පරයක් ඉනු බෑ මට ඒ නම් - ස ත්තයි
ඔබ නොමැතිව ලොවක් තනණු හැකි නෑ ඇත්තයි
මා ළඟ නැති ඇය හෙවත් “අහිමි දුක”
තුරු ගතින් පෙම්බර හදින්
අතැඟිළි ගනිම් ඔබ ගැන සිතින්
මිතු දමින් එය කෙළවරින්
ඇති වියෝගය බව නොදකිමින්
සැලෙනැඟිළි තුඩු නෙතින් දකිමින්
ඔබට තෙපලන අදිටනින්
හාත්පස නෙත් යොමා බැලුවා
නොමැත මා ළඟ දුර ගිහින්
ඈත ක්ෂිතිජෙට නෙත යොමන කල
ඔබයි මගෙ පුන් සඳ උනේ
ඔබෙ ලොව තුල වරම් නැති කර
අප වෙන් උනේ ඇයි ප්‍රේමියේ
විඳිමි මා ලොව හුදකලා බව
සදහට ම සැප නැති ලෙසේ
හංසියේ ඔබ තමයි මුළු ලොව
නැති උනත් ජීවන කෙතේ
සදා සුපහන් පහන් සිලකින්
ඔබට පිංපෙත් පුදන්නම්
ඔබ තනන්නට වෙහෙස වැයකල
සොඳුරු ලොව ගොඩ නඟන්නම්
ගීත කෝකිල භාව රස පෙළ
රූ රසේ අඳිනා ලෙසේ
නැති උනත් ඔබ මගේ ලෝකෙට
ඔබයි මා ලොව රිවි ගිරේ
[මගේම වරදින්, මගේ අතින්, අත හැරී ගිය මගේ ම ආදර, ඇයට.....]