වෙනස

sayane

කිසිම කිසි හැඩයක් නැති කවියක්..!

h2 copy

 

අනික් උන්
කැටයම් කරලා
ඔප දමද්දී වචන..,
මම
ඒ කැටයම් අස්සෙන්
හැලුණු
කවි කුඩු එකතු කරලා
ලිව්වා කවියක්
කිසිම කිසි
හැඩයක් නැති
කවියක්..!

 

පෑගිලා
මියෑදෙන්නට ළඟ
මිනිස්සු වෙනුවෙන්
කුවේර
කැටයම් ජීවිත
අස්සෙන් හැලිච්චි
අදහස් එක්කහු කරලා
ඒ වචන වලින්
ජීවය පිඹලා
ආපහු නැඟිට්ටවන්නට
මම..,
ලිව්වා කවියක්
කිසිම කිසි
හැඩයක් නැති
කවියක්..!

 

අංකුර පෙමට
කාමර
දෙන්න පොරකන
එහෙත්
ඒ පෙම
පෙම්මුල්ල අගයන
ගත සැපට වඩා
නිරාමිස සුව අගයන

අංකුර පෙම් හදවතට
මම
ලිව්වා කවියක්
කිසිම කිසි
හැඩයක් නැති
කවියක්..!

 

ජාතිය රන් විමණක් ව
නොදකින
දේශප්‍රේමයෙන් "ලූණු" ගඳ ගහන..,
අවාසනාවට
පර රටින් ආ තමන්ගේ
ගූ ගඳ නොදැනෙන
නිර්වින්දිතයින්ට
කෙළ වෙන්න
මම
ලිව්වා කවියක්
කිසිම කිසි
හැඩයක් නැති
කවියක්..!

Return top | ඉහත්තාවට නැවතත්