◄පාලුව►










11

වෙනදාට
රෑ මැද්දේ
හිත උඩින්
අඩි තියන


සිතුවිල්ල
මේ රැයේ
නාවේ ඇයි
බැලුවාම


පපුවකට
තුරුලුවී
මා නොදුටු
මීට පෙර


තබනවා
දුටුව මම
පෙරතියපු
සටහනම

◄ කරමු සක්මන් අනන්තය වෙත ►

_mg_4736

ඇවිද යමු අපි එකම පෙළට ම
අත් නොඅල්ලා මිරිකෙමින්
මුහුණ සඟවා එකිනෙකා වෙත
සිනහ වී අහකට තුටින්


පෙර මැවූ ඒ සිහින මාළිග
තියා තිබු තැන එලෙසකින්
ඇවිද යමු අපි අනන්නතය වෙත
පෙම කිමැයි නොම දත් ලෙසින්


ලොවේ ඇති බෝ දේම විමසා
සිටින්නට දැනුවත් බවින්
අත හැරලා ආදරය නම් දේ
ඉමුද අපි අපේ පාලුවෙන්

කරමු සක්මන් අනන්තය වෙත
අතීතය සිහිකර තුටින්
මුහුණ සඟවා එකිනෙකා වෙත
සිනහ වී අහකට තුටින්

Return top | ඉහත්තාවට නැවතත්